විපතටපත් ජනතාවට දොර ඇරුණු රොනාල්ඩෝගේ සුපිරි හෝටලය

Share post:

සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටිනානෝ රොනාල්ඩෝගේ මොරොක්කෝවේ මරකේෂ් නගරය ආසන්නයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන කාමර 174 කින් යුත් ‘The Pestana CR7 Marrakech’ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් විවෘත කර තිබේ.

ඒ අනුව විපතට පත් ජනතාවගේ තාවකාලික නැවතුම්පලක් ලෙස අදාල හෝටලය අද (11) සිට ක්‍රියාත්මක වේ.

එමෙන්ම මොරොක්කෝවේ  ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් විපතට පත් ජනතාව වෙනුවෙන් ලේ ලබා දීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

තවද විපතට පත් ජනතාව වෙනුවෙන් වත්මන් පාපන්දු ලෝක කුසලාන ශූර පාපන්දු තරුවක් වන ලයනල් මෙසී සිය ශෝකය පළ කර ඇති අතර සහන සැලසීම වෙනුවෙන් මැදිහත් වීමට බලාපොරොත්තු වන බව පවසා ඇත.

උතුරු අප්‍රිකාවට අයත් මොරොක්කෝවේ සිදුවු මෙම දැවැන්ත මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.8ක අගයක් සඳහන් විය.

ඉන් දෙදහසකට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමිවුණු අතර තුවාල ලැබූ පිරිස 2059ක් අතරින් 1404කගේම තත්ත්වය බරපතළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම මේ වනවිට සුන්බුන් අතර සිර වී ජීවත්ව සිටින පුද්ගලයන් සොයා දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන අතර, ආපදා සහ සහන කණ්ඩායම් සමඟ සාමාන්‍ය ජනතාව ද  මෙහෙයුම් සඳහා එක්වී සිටින බව වාර්තා වේ.

සුන්බුන් අතරින් තවදුරටත් මළ සිරුරු මතුවෙමින් තිබෙන බැවින් ඉදිරියේදී එය තවත් ඉහළ යනු ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුමාන කර තිබේ. 

මරකේෂ් නගරයේ  සිට 60km (37 සැතපුම්) දුරින් පිහිටි Tafeghaghte කඳුකර ගම්මානය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර, ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි ඉතා ස්වල්පයක් පවතී.

මෙම ප්‍රදේශ වලට ගලවාගැනීමේ කණ්ඩායම් පිටත්ව ඇතත් මාර්ග අවහිර කරමින් ගල් කඳු කඩා වැටීමත් සමග ගමන් කිරීම  බොහෝ දුෂ්කර බව එම කණ්ඩායම් පවසා ඇත.

ජාත්‍යන්තර සහයෝගය

මොරොක්කෝව සමඟ වසර දෙකක් තිස්සේ දේශපාලන වශයෙන් විරසක වී සිටි ඇල්ජීරියාව, තම ගුවන් සීමාව මානුෂීය ආධාර රැගත් සහ තුවාලකරුවන් ඉවත් කිරීමේ ගුවන් ගමන් සඳහා විවෘත කළේය.

එමෙන්ම ස්පාඤ්ඤයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ A400 ගුවන් යානය සරාගෝසා සිට ගලවා ගන්නන් 56 දෙනෙකු සහ සුනඛයන් හතර දෙනෙකු සමඟ මරකේෂ් වෙත පිටත්ව හැරිබවයි. 

ස්පාඤ්ඤයට අමතරව, බ්‍රිතාන්‍යය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය යන තවත් රටවල් තුනකින් පමණක් ආධාර භාරගත් බව මොරොක්කෝව ඊයේ (10) නිවේදනය කළේය.

ලෝක උරුම බිමට සමතලා වෙයි

මෙම භූකම්පනයෙන් ඉතා අලංකාර ඇට්ලස් කඳුවැටිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමනාන්තයක් වන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මරකේෂ්  නගරයේ ඓතිහාසික වශයෙන් වැදගත් පෞරාණික ගොඩනැගිලි  බිමට සමතලා වී තිබේ. 

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...