2023 – ස්වර්ණ පුස්තක සම්මාන නෝබට් අයගමගේ ‘කූර හඬෙකි වියැකෙන’ නවකතාවට

Share post:

2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොදම නවකතා සඳහා 2023 – ස්වර්ණ පුස්තක සම්මාන නෝබට් අයගමගේ ‘කූර හඬෙකි වියැකෙන’ හිමිවූ අතර ‘කූර හඬෙකි වියැකෙන’ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.
සිංහල නවකතා කලාවට පිදෙන 2023 – ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද (සැප්: 08 වැනිදා) ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොදම නවකතා සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කරයි. පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් නවකතා 12 ක් දෙවන වටයට නිර්දේශ වී තිබූ අතර ඒවා අතරින් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති නවකතා පහ මෙසේය.

‘ඩූඕ’ – DUO – සුරත් ද මැල් – සරසවි ප්‍රකාශනයකි.

‘කූර හඬෙකි වියැකෙන’ – නෝබට් අයගමගේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

‘මුන්නක්කරේ සංසාරේ’ – මංජුල වෙඩ්වර්ධන – විදර්ශන ප්‍රකාශනයකි.

‘උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝරකවියා’ – පී.බී.ජයසේකර – කෙහෙලි ප්‍රකාශනයකි.

‘පහනක අඳුර’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශනයකි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...