2023 – ස්වර්ණ පුස්තක සම්මාන නෝබට් අයගමගේ ‘කූර හඬෙකි වියැකෙන’ නවකතාවට

Share post:

2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොදම නවකතා සඳහා 2023 – ස්වර්ණ පුස්තක සම්මාන නෝබට් අයගමගේ ‘කූර හඬෙකි වියැකෙන’ හිමිවූ අතර ‘කූර හඬෙකි වියැකෙන’ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.
සිංහල නවකතා කලාවට පිදෙන 2023 – ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද (සැප්: 08 වැනිදා) ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරින් හොදම නවකතා සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කරයි. පසුගිය වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් නවකතා 12 ක් දෙවන වටයට නිර්දේශ වී තිබූ අතර ඒවා අතරින් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහා විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇති නවකතා පහ මෙසේය.

‘ඩූඕ’ – DUO – සුරත් ද මැල් – සරසවි ප්‍රකාශනයකි.

‘කූර හඬෙකි වියැකෙන’ – නෝබට් අයගමගේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයකි.

‘මුන්නක්කරේ සංසාරේ’ – මංජුල වෙඩ්වර්ධන – විදර්ශන ප්‍රකාශනයකි.

‘උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝරකවියා’ – පී.බී.ජයසේකර – කෙහෙලි ප්‍රකාශනයකි.

‘පහනක අඳුර’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශනයකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...