ඇෆ්ගන් – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අද

Share post:

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය මෙය වන අතර පළමු තරගය බංගලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වුණු අතර එය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විණි.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහි තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

එම නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වනු ඇත.

මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් එය අඛණ්ඩ 12 වැනි එක්දින ජයග්‍රහණය වනු ඇත. එය ඉතිහාසයේ එවැනි දෙවැනි දීර්ඝතම ජයග්‍රහණය වන අතර පාකිස්තානය එක් වරක් සහ දකුණු අප්‍රිකාව දෙවතාවක් පිට පිට තරග 12 බැගින් ජයගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ජයග්‍රහණ 21ක් සමගින් සමස්ත වාර්තාවට හිමිකම් කියයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ලාහෝර්හිදී තරග 13කට ක්‍රීඩා කර 9ක් ජයගෙන තිබේ. ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ 69.23% කි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...