ඇෆ්ගන් – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අද

Share post:

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය මෙය වන අතර පළමු තරගය බංගලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වුණු අතර එය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විණි.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහි තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

එම නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වනු ඇත.

මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් එය අඛණ්ඩ 12 වැනි එක්දින ජයග්‍රහණය වනු ඇත. එය ඉතිහාසයේ එවැනි දෙවැනි දීර්ඝතම ජයග්‍රහණය වන අතර පාකිස්තානය එක් වරක් සහ දකුණු අප්‍රිකාව දෙවතාවක් පිට පිට තරග 12 බැගින් ජයගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ජයග්‍රහණ 21ක් සමගින් සමස්ත වාර්තාවට හිමිකම් කියයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ලාහෝර්හිදී තරග 13කට ක්‍රීඩා කර 9ක් ජයගෙන තිබේ. ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ 69.23% කි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...