හෙට දවස ඔහුගේ ය ‘ඔබෙ සුසුම් පවන්’

Share post:

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ රමණිය යුගයක් වූ කැසට් සිඩී. යුගයේ අවසන් දශකයේ කැසට් සීඩි ගීත අතර අවසන් වරට නම රඳවා ගැනීමට හැකි වූ ගීත රචකයා රවී සිරිවර්ධන ය. ප්‍රවීණ ශිල්පියාටත් අලුතින් ගීත ක්ෂේත්‍රයට පිවිසි ශිල්පියාට හෝ ශිල්පිනියටත්, වෙනසක් නොකර තමන් වෙත පැමිණෙන ඒ් කවරකු වුවත් ඔහු ගීතයක් ලියා දුන්නේ නිර්ලෝභීව ය.. ඇතැම් විට ඒ් ඔහුගේ හෝ ඇයගේ කුළුඳුල් ගීත නිර්මාණය වුවා විය හැකිය. ක්ෂේත්‍රයට නවකයකු වුව ඔහුගේ හෝ ඇයගේ ගායනය සහ ස්වර පරාසයටද සාධාරණයක් ඉටුවන පරිදි සිය කල්පනා ලෝකය මෙහෙයවා මනරම් ගීයක් ලියා දුන්නේය. එසේම රවී වර්තමානයේ දෙදහසින් පසුව බිහිවූ ගීත ලියන්නට උත්සාහ දරන නව ගීත රචක පරපුරට අත දිගුකර පෙන්වන්නේ කිසියම් වූ කලා කෘතියක් සිමිත වපසරියක් තුළ රැඳෙන කලා නිර්මාණයක් නොව ඉන් එහා ලෝකයටම විවර වූ තවත්දුර යා හැකි මං පෙත් ඒ් වට පිටාවේම සැඟව ඇති බවයි. ඒ්වා සොයා ගැනීම නැණ නුවණින් විමසා තිබීම තවදුරටත් මේ ක්ෂේත්‍රයේ පය ගසා සිටීමට නවකයෙකුට ඉවහල් වන බවයි. රවී යහපත් විශිෂ්ට කවියකු,ගීපද රචකයකු, ලේඛකයකු මෙන්ම ඉඳහිට සිය ආත්ම තෘප්තිය වෙනුවෙන් ඉඳහිට ගිතයක් දෙකක් ගයන ගායකයකු වන්නේත් යහපත් රටක් සමාජයක් වෙනුවෙන් හඬ නගන්නේත් හෙට දවස වඩාත් යපත් දවසක් කිරීම උදෙසාය. ඒ් දවස යහපත් කිරීම වෙනුවෙන් ඔහු සමාජය මෙහෙයවන නිර්මාණකරුවකු වන්නේ ඒ් නිසාය.

දයානන්ද රත්නායක

“දෙදහස සහස්‍රය ඇරඹෙන්නේ සිංහල ගීතයේ අන්ත දුක්මුසු කාලපරිච්ඡේදය තුළය. සහස්‍රයේ මුල් වසර පහ තුළ ගීත සමාගම් සියල්ල ම නව කැසට් සහ සංයුක්ත තැටි නවතා දැමූහ. “

ගේය පද රචක , නීතිඥ දයානන්ද රත්නායක

” මේ ගමන ” හෙට යි
මෙය ලංකාවේ දෙදහස වසරින් පසුව බිහි වූ නව පරම්පරාවේ සාහිත්‍යවේදියෙකුගේ
නිර්මාණ විමර්ශනයක් සිදුවන පළමු අවස්ථාවයි.
A collection of literary critiques and musings on the lyrical and poetical works of Ravi Siriwardena;
the journey through two decades

රවී සිරිවර්ධනගේ කාව්‍ය සහ ගේය කාව්‍ය නිර්මාණ පිළිබඳ පමණක් නොව නූතන සිංහල ගීතයේ විකාශනය සහ නව ප්‍රවණතා පිළිබඳ ලිපිද අන්තර්ගත ය.

සුනිල් ආර් ගමගේ
රත්න ශ්‍රී විජේසිංහ
කුලරත්න ආරියවංශ
මහින්ද චන්ද්‍රසේකර
වසන්ත කුමාර කොබවක
රෝහණ වීරසිංහ
නන්දන වීරසිංහ
අනුරසිරි හෙට්ටිගේ
සුනිල් සෙනෙවි
චූලානන්ද සමරනායක
කපිල කුමාර කාලිංග
ලක්ශාන්ත අතුකෝරල
වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල
රජී වසන්ත වෙල්ගම
නිලාර් එන්. කාසිම්
ලහිරු කිතලගම
අසංක රුවන් සාගර
ටිම්රාන් කීර්ති
අනුර කුමාර දිසානායක
රෝහණ පොතුලියැද්ද
සුගත් සෝමවීර
සුජීව සිරිමෙවන්
දර්ශන අශෝක කුමාර
කේ.ඩී. දර්ශන
දර්ශන වික්‍රමතුංග
වජිර දීප්ති වීරකෝන්
වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි
චලක ලුණුවිලගේ
විමල් දයානන්ද
දයානන්ද රත්නායක
සෞම්‍ය සඳරුවන් ලියනගේ
ඔසඳ ගුණරත්න
චින්තක සමන්
ගුරුගොඩ සිරිවිමල හිමි
මිගාර බමුණුසිංහ
මධූෂා ලක්මාලි අල්විස්
දිනිති උත්පලා රණසිංහ
එරාධිනි හසිනි ලංකා

ඇතුළු ලියුම්කරුවන් රැසකගේ ශාස්ත්‍රීය ලිපි සමග …

සැප්තැම්බර් 02 සෙනසුරාදා හවස 5.30 BMICH හිදී පැවැත් වෙන ‘ඔබෙ සුසුම් පවන්’ සංගීත සංධ්වනියේදී දොරට වඩින වගයි …

සංස්කරණය – රුවන් මාපලගම
කංචුකය – චමින්ද විජේසිංහ
ප්‍රකාශනය – සන්ථව

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...