කැස්බෑවුන් 25ක් මියගියේ මුහුදේ සිදු කළ පිපිරීමකින් : වනජීවිය අධිකරණයට දැනුම් දෙයි !

Share post:

බටහිර වෙරළ තීරයට පසුගිය 22දා සිට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතුව මුහුදේ සිදු කළ පිපිරීමක් බවට තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් thetime.lk වෙත සඳහන් කළේය.

මෙම කැස්බෑ මළසිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මේ බව හෙළි වූ බවත්, මීට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

සංරක්ෂිත සත්ත්වයෙකු වන කැස්බෑවුන් මෙසේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පශු වෛද්‍යවාරයට නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අනුව අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

තහනම් කරන ලද ධීවර පැන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම බහුල ව සිදුකෙරෙන බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

පසුගිය 22 දින පමණක් වැල්ලවත්තේ සිට ගෝල්ෆේස් දක්වා වෙරළ තීරයෙන් කැස්බෑ මළසිරුරු 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරවලට ද ඉන්පසු මළසිරුරු ගොඩගසා තිබිණි.

මෙම මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදාළ ස්ථානවලට ගොස් මූලික විමර්ශන පවත්වා තිබිණි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04ක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...