කැස්බෑවුන් 25ක් මියගියේ මුහුදේ සිදු කළ පිපිරීමකින් : වනජීවිය අධිකරණයට දැනුම් දෙයි !

Share post:

බටහිර වෙරළ තීරයට පසුගිය 22දා සිට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතුව මුහුදේ සිදු කළ පිපිරීමක් බවට තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් thetime.lk වෙත සඳහන් කළේය.

මෙම කැස්බෑ මළසිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මේ බව හෙළි වූ බවත්, මීට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

සංරක්ෂිත සත්ත්වයෙකු වන කැස්බෑවුන් මෙසේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පශු වෛද්‍යවාරයට නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අනුව අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

තහනම් කරන ලද ධීවර පැන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම බහුල ව සිදුකෙරෙන බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

පසුගිය 22 දින පමණක් වැල්ලවත්තේ සිට ගෝල්ෆේස් දක්වා වෙරළ තීරයෙන් කැස්බෑ මළසිරුරු 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරවලට ද ඉන්පසු මළසිරුරු ගොඩගසා තිබිණි.

මෙම මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදාළ ස්ථානවලට ගොස් මූලික විමර්ශන පවත්වා තිබිණි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04ක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...