චිලියේ විප්ලවීය ගායක වික්ටර් හාරා ඝාතනය : ඝාතක සොල්දාදුවන් 50 වසරකට පසු සිරගෙට !

Share post:

1973 දී ඔගස්ටෝ පිනෝචේ බලයට පත් කළ කුමන්ත්‍රණයෙන් පසුව ජනකාන්ත විප්ලවීය ගායක වික්ටර් හාරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චිලී අධිකරණයක් විසින් වයෝවෘද්ධ විශ්‍රාමික සොල්දාදුවන් හත් දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබේ.

වික්ටර් හාරා සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවේ විප්ලවීය ගායක සංකේතය ලෙසය.

මෙම ඝාතකයින් අත්අඩංඟුවට ගැනීමට නියෝග කරන ලද්දේ කුමන්ත්‍රණයෙන් දශක හතරකට පසු 2012 වසරෙහි දීය. ඉන් පසු 2018 දී ඝාතකයින්ට දඬුවම් නියම කළ නමුත් අභියාචනා දෙකක් නිසා ඝාතකයින්ට මේ තාක් නිදහසේ සිටීමට ඉඩ ලැබුණි.

අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව යළිත් අනුමත කළේය.

වයස අවුරුදු 73 ත් 85 ත් අතර වයස්වල එම සොල්දාදු ඝාතකයින්ට දැන් අවුරුදු 8 ත් 25 ත් අතර සිරදඬුවම් විඳීමට බන්ධනාගාරයට වාර්තා කිරීමට නියෝග කර තිබේ.

1973 සැප්තැම්බර් 11 වැනිදා සමාජවාදී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහකළ සීඅයිඒ සංවිධානයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසු දින එවකට 40 හැවිරිදි හාරා අත්අඩංගුවට ගන්නා ලදී.

ඡායාරූපය: සැල්වදෝර් ඇලෙන්ඩේ කුමන්ත්‍රණය අතරතුර ජනාධිපති මන්දිරයෙන් පිටවීම ප්‍රතික්ෂේප කළ අතර ආයුධ අතැතිව අවසානය දක්වා සටන් කළේය.

කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංඟුවට ගන්නා ලද වික්ටර් හාරා තවත් දේශපාලන සිරකරුවන් 5,000ක් සමඟ ක්‍රීඩාංගණයක රඳවා ගෙන සිටි අතර එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා මරා දමන ලදී.

වෙඩි උණ්ඩ 44 ක් පසා කර ගෙන ගොස් තිබූ ඔහුගේ සිරුර දින කිහිපයකට පසු සොයා ගැනීමට හැකි විය.
ඔහුට පමුණූවන ලද වෙනත් බිහිසුණු වධහිංසා අතර, ගිටාර් වාදනය කළ ඇඟිලි පොඩි කර රයිෆල් බට් සහ බූට් වලින් පාගා තිබුණි.

ඡායාරූපය: හාරා ජීවත් වෙයි!

හාරා චිලියේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ අතර 1970 දී මහජන ඡන්දයෙන් බලයට පත් වූ මාක්ස්වාදී ජනාධිපති ඇලෙන්ඩේට සහාය දුන් මහජන එක්සත් සන්ධානයේ ප්‍රබල ආධාරකරුවෙක් විය.

ජාතික බන්ධනාගාර අධ්‍යක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු වූ 33 හැවිරිදි සෙසු රැඳවියෙකු වූ ලිත්‍රේ කිරෝගා ගේ සිරුර සහ තවත් දේශපාලන සිරකරුවන් තිදෙනෙකුගේ ගේ සිරුරු හාරාගේ සිරුර අසල දමා තිබුණි. එම සිරුරු සියල්ලෙහිම වධහිංසා පැමිණවීමේ ළකුණු දක්නට ලැබුණි.
සඳුදා තීන්දුවෙන් හාරා සහ ලිත්‍රේ ඝාතන සඳහා වසර 15ක් ද, එක් එක් අය පැහැර ගැනීම සම්බන්ධයෙන් තවත් වසර 10ක් ද, හිටපු හමුදා නිලධාරීන් වන රාවුල් ජොෆ්රේ, එඩ්වින් ඩිම්ටර්, නෙල්සන් හසේ, අර්නස්ටෝ බෙත්කේ, ජුවාන් ජාරා සහ හර්නන් චාකොන් යන අයට දඬුවම් නියම කරන ලදී.
අපරාධ වසන් කිරීමේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් රොලැන්ඩෝ මෙලෝ නම් තවත් සොල්දාදුවකුට වසර අටක් දඩුවමක් ලැබිණි.

මෙම නඩුව අවසන්ව ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා චිලී කුමන්ත්‍රණයේ 50 වැනි සංවත්සරය සැමරීමට සති දෙකකට නොඅඩු කාලයක් තිබියදීය.
මෙම ඝාතයින් ප්‍රථම වරට 2018 දී වරදකරුවන් බවට අධිකරණය තීන්දු කරන ලදී. එම තීන්දුවට එරෙහිව කරන ලද අභියාචනයේ දී වසර තුනකට පසුව අභියාචනාධිකරණය මගින් ඔවුන්ගේ සිර දඬුවම් වැඩි කරන ලදී. පෙරේදා එනම් 28වන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව තහවුරු කරන ලදී.
ප්‍රේමය සහ සමාජ විරෝධය ගැන කතා කළ සාමවාදී ගායකයෙකු වූ හිටපු හාරාට, ලතින් ඇමෙරිකානු ජනප්‍රිය සංගීතයේ සංකේතයක් බවට පත් විය. සාමයෙන් ජීවත් වීමේ අයිතිය වැනි ඔහුගේ ගී ඉතා ජනප්‍රිය විය.

ඡායාරූපය: වික්ටර් හාරා පිළිබඳ නෙට්පිල්ක්ස්හි ReMastered: Massacre at the Stadium නමින් වාර්තා සිනමා පටයක් තිබේ
ඔහුගේ ගීතිසහ ජීවිතය U2 සිට Bob Dylan දක්වා සංගීතඥයන් දිරිමත් කළ අතර, 2013 සන්තියාගෝ හි පැවති ප්‍රසංගයකදී Bruce Springsteen ඔහුට උපහාර දැක්වීය.

කුමන්ත්‍රණයෙන් බලය අල්ලා ගත් පිනෝචේ 1990 වන තෙක් චිලී පාලනය කළ අතර 2006 දී ඔහුගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධවලට දඬුවම් නොවිඳ මිය ගියේය. වාමාංශික ක්‍රියාකාරීන් සහ අනෙකුත් සැක සහිත විරුද්ධවාදීන් 3,200 ක් පමණ ඔහුගේ පාලන කාලය තුලදී මරා දැමූ බව විශ්වාස කෙරේ.

සුනන්ද දේශප්‍රිය (FB)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...