25 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය – 2023

Share post:

සම්මානයට නිර්දේශිත කෘති නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීම….2022 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දිනට අදාළ වර්ෂයේ ප්‍රකාශිත කෘතියක් ලෙස ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචිය ලැබ අප සම්මාන කමිටුව වෙත යොමු කෙරුණ මුද්‍රිත කෘති අතුරෙන් පහත සඳහන් සාහිත්‍ය ප්‍රවර්ගයන් යටතේ සමීක්ෂණයට භාජනය කරන ලදුව 2023 වසරේ සම්මාන ප්‍රදානෝත්සවයේදි සම්මාන බුහුමනින් පුදනු ලැබීමට නිර්දිෂ්ට කෘති නාම ලේඛනය පහත සඳහන් කෙරේ.

මෙම කෘති නාම ලේඛනය ඒ, ඒ, සාහිත්‍ය ප්‍රවර්ගයන් යටතේ ලැයිස්තු ගත කර ඇත්තේ ග්‍රන්ථ නාම අකාරාදියට අනුව ය. මෙම ලැයිස්තුවේ කිසිදු ප්‍රමුඛතා අනන්‍යතාවක් සඳහන් නොවන බව සැලකුව මනාය.

මෙම නිර්දිෂ්ට කෘති අතුරින් ඒ, ඒ සාහිත්‍යාංගයන් යටතේ ඒක් කෘතියක් පමණක් සම්මානයට පාත්‍ර කෙරෙන අතර සම්මානිත කෘතිය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය/ මුදල් ත්‍යාගය හෝ පොත් වව්චරය/ සහතික පත්‍රය පිරිනැමෙන අතර නවකතා/ යොවුන් නවකතා/ කෙටිකතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ අංග යටතේ වසරේ ප්‍රශස්තතම නවක දායකත්ව ඇගයීම් සම්මාන ඵලකයක්, සහතික පත්‍රයක් සහ පොත් වව්චරයක් තෑගි ලෙස පිරිනමනු ලබන්නේය.
මෙම නිවේදනය ප්‍රකාරව සිංහල භාෂාවෙන් රචිත කෘති සහ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘති වෙනුවෙන් නිර්දිෂ්ට නිර්දේශ නාමලේඛනය පමණක් ප්‍රකාශ්‍යට පත් වෙතත් ඊට අමතරව දෙමළ භාෂාවෙන් රචිත 2022 වර්ෂයට අදාළ කෘති සඳහා ද සම්මාන පිරිනැමීමක් සිදු වන බව දන්වා සිටිනු කැමත්තෙමු.

මෙම නිර්දිෂ්ට කෘති අතුරින් සම්මානයට නම් කරෙනු ලබන කෘති වෙනුවෙන් සම්මාන පිරිනැමීම සහ තිළිණ පිරිනැමීම, 2023 වර්ෂයේ ඉදිරි මාසයක කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙන බව ද වැඩි දුරටත් දැනුම් දී සිටිමු.
වසර විසිපහක් අඛණ්ඩව පවත්වා ගත් මෙම කීර්තිමත් සම්මානය සඳහා සිය දායකත්වය ලබා දුන් සියලු ප්‍රකාශන සමාගම්වලටත්, කර්තෘ ප්‍රකාශකයන්හටත්, මෙම කෘති සමීක්ෂණය කරන ලද සමීක්ෂණ මණ්ඩලයටත් ගොඩගේ ප්‍රකාශකයන් සහ 25 වැනි ගොඩගේ සම්මාන කමිටුවේ ගෞරවණීය ස්තුතිය පිරි නැමේ.
25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දිෂ්ට සියලු කෘතිහි නිර්මාපකයන්හට ගොඩගේ සාහිත්‍ය සම්මානකමිටුවේ සුබ පැතුම්.

අනුරසිරි හෙට්ටිගේ

සංවිධායක – 25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන කමිටුව වෙනුවෙන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...