‘අම්මෙක් ඉන්න එක කොච්චර හයියක්ද කියලා ප්‍රඥ්ඥානන්ද ඔප්පු කරලා පෙන්නලා තියෙනවා !’

Share post:

පහුගිය දවස්වල තිබුන FIDE World Cup 2023 චෙස් ශුරතාවයේදී මුලු ලෝකෙම අවධානය ගියේ අනුශූරතාවය දිනාගත්ත ප්‍රඥ්ඥානන්දට. ඒ විතරක් නෙමෙයි හැමදාකම ප්‍රඥ්ඥානන්ද පිටිපස්සේ හෙවනැල්ල වගේ හිටපු අම්මා ගැනත් හැමෝම කතා කරන්න ගත්තා. ලෝකශූරතාවය ෆොටෝ ගහන්න ගිය මාරියා තමන්ගේ ට්විටර් ගිනුමේ දාපු සෙල්ෆි එකට කැප්ෂන් එක දැම්මේ “Selfie with the Legend and her son” කියලා.

ප්‍රඥ්ඥානන්ද මැච් එකකට පිටරට යනකොට අම්මා බෑග් එකේ කුකර් එකක් සහ වලං අරගෙන ගිහින් ප්‍රඥ්ඥානන්ද කැමති කෑම උයලා දෙනවලු මැච් එකට යන්න කලින්. දිනනකොට හිනා උන පරදිනකොට පිටිපස්සෙන් ඉඳගෙන බය වෙන්න එපා කියන්න අම්මෙක් ඉන්න එක කොච්චර හයියක්ද කියලා ප්‍රඥ්ඥානන්ද ඔප්පු කරලා පෙන්නලා තියනවා.

ප්‍රඥ්ඥානන්ද චෙස් සෙල්ලම් කරන්නේ අවුරුදු 10 ඉදන් 12-13 කාලේ ජාතික මට්ටමේ තරඟ සෙල්ලම් කරා. ඒ හැමදාකම මේ අම්මා මේ විදිහටම හිටියා. ඒ දැන් අනුග්‍රහයකයෝ රජය හිටියට ඊට කලින් මේ අම්මා සෑහෙන්න මහන්සි වෙන්න ඇති තැන් තැන් වල අරගෙන යන්න. මේ තත්ත්වෙට ගේන්න. ඔහු දිනනකොට වගේම පරදිනකොටත් අම්මගේ ඇස් වලට කඳුළු එන්නේ ඒ ජයග්‍රහනය වගේම පරාජයත් තමන්ගේ කොටසක් වෙන නිසා. එහෙම අම්මෙක් නොහිටින්න ප්‍රඥ්ඥානන්ද කැලේම පරවෙලා යන්නත් තිබුනා. ඒ අම්මා වීරයෙක් වෙන්නේ ඒ නිසා.

අපි හැමෝටම පිටිපස්සේ ඉඳන් එහෙම හයියක් වෙන මිනිස්සු ඕන. දිනනකොට අප්පුඩි ගහන්න ඒ ජයග්‍රහණය බෙදාගන්න විතරක් නෙමෙයි පරදිනකොට පිටට තට්ටු කරලා “උඹ බය වෙන්න එපා” කියන්න. ජීවිතේ පරාජයන් වලදි පිටිපස්ස හැරිලා බලනකොට පිටට තට්ටු කරලා බයවෙන්න එපා කියන්න කවුරුත් නැති එකේ අඩුව ගොඩක් ලොකුයි. එහෙම මිනිස්සු බයයි පරදින්න. එහෙම මිනිස්සු බයයි වරදින්න. එහෙම උනාම ජීවිතේ අරමුණ ජයග්‍රහණයන් හඹා යන එකේ ඉඳන් පරාජය නොවී ජීවත් වෙන එක දක්වා වෙනස් වෙනවා.

හැමෝටම මේ වගේ අම්මෙක් ලැබෙන්න ඕන. හැමෝටම මේ වගේ අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන් වෙන්න ඕන. හැමෝටම චෙස් ලෝකශූරතාවයට යන්න බැරි වෙයි හැබැයි ජීවිතේ යන්න පුලුවන් පුංචිම දුරක් හරි යන්න එහෙම මිනිස්සු වටේ ඉන්න ඕන.

සාගර පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...