ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ : ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නැහැ

Share post:

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) පාකිස්තානයේ පන්ජාබ් නුවර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වුවද තවමත් ශ්‍රී ලංකා සංචිතය නම්කර නැත.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් සත්කාරක පාකිස්තානය හා නේපාලය අතර, දිවා – රාත්‍රී පළමු තරගය පැවැත්වෙනු ඇත.

ආරක්ෂක හේතූන් මත පකිස්ථානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමග පාකිස්තානයේ මුල්තාන් හා ගඩාෆි ක්‍රීඩාංගණයේ තරග 4ක් පැවැත්වෙන අතර, අනෙක් තරග 9 ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා ආසියා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ නේපාලය මෙම තරගාවලියට එක්වෙති.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය – 2022 ජයග්‍රහකයින් වූ ශ්‍රී ලංකාව 1986,1997,2004,2008, 2014, යන වසර වලදී ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්වූහ.

සැප්තෑම්බර් මස 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...