ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ : ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නැහැ

Share post:

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) පාකිස්තානයේ පන්ජාබ් නුවර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වුවද තවමත් ශ්‍රී ලංකා සංචිතය නම්කර නැත.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් සත්කාරක පාකිස්තානය හා නේපාලය අතර, දිවා – රාත්‍රී පළමු තරගය පැවැත්වෙනු ඇත.

ආරක්ෂක හේතූන් මත පකිස්ථානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමග පාකිස්තානයේ මුල්තාන් හා ගඩාෆි ක්‍රීඩාංගණයේ තරග 4ක් පැවැත්වෙන අතර, අනෙක් තරග 9 ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා ආසියා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ නේපාලය මෙම තරගාවලියට එක්වෙති.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය – 2022 ජයග්‍රහකයින් වූ ශ්‍රී ලංකාව 1986,1997,2004,2008, 2014, යන වසර වලදී ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්වූහ.

සැප්තෑම්බර් මස 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...