සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝගයක් මත පැය 24 පොලිස් ආරක්ෂාව යටතේ සිටි නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකු ඝාතනය කරයි !

Share post:

හපුතලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ පෙරේදා (22) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා පැය 24 පොලිස් ආරක්ෂාව යටතේ සිටි අයෙකු බව අනාවරණය වේ.

ඝාතනය කරන ලද පුද්ගලයා ඝාතන නඩුවක සක්ෂිකරුවෙකි. එම හේතුව නිසා මෙසේ වෙඩි තබා ඇතැයි පොලිසිය සැක කරයි. ඝාතනය වූ පුද්ගලයා එම හෝලටයේ වසරකට වැඩි කාලයක් තිස්සේ සේවයේ නිරත ව සිටින අයෙක් වන අතර, මාතර – ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා විසින් ලබාදුන් සාක්ෂියක් මත මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවත්, එම සාක්ෂිය ලබාදීම හේතුවෙන් ඔහුට මරණ තර්ජන එල්ලවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ නිසා සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් ඔහුට පැය 24 පුරා ම ආරක්ෂාව ලබාදීමට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහු ගන්දර රැඳීසිටින කාලය තුළ පැය 24 පුරා ම පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන අතර, ගන්දර රැඳී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ බැවින් ඔහු පසුගිය කාලය පුරා සැඟවුණු ජීවිතයක්  ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...