සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝගයක් මත පැය 24 පොලිස් ආරක්ෂාව යටතේ සිටි නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකු ඝාතනය කරයි !

Share post:

හපුතලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ පෙරේදා (22) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා පැය 24 පොලිස් ආරක්ෂාව යටතේ සිටි අයෙකු බව අනාවරණය වේ.

ඝාතනය කරන ලද පුද්ගලයා ඝාතන නඩුවක සක්ෂිකරුවෙකි. එම හේතුව නිසා මෙසේ වෙඩි තබා ඇතැයි පොලිසිය සැක කරයි. ඝාතනය වූ පුද්ගලයා එම හෝලටයේ වසරකට වැඩි කාලයක් තිස්සේ සේවයේ නිරත ව සිටින අයෙක් වන අතර, මාතර – ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා විසින් ලබාදුන් සාක්ෂියක් මත මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවත්, එම සාක්ෂිය ලබාදීම හේතුවෙන් ඔහුට මරණ තර්ජන එල්ලවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ නිසා සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් ඔහුට පැය 24 පුරා ම ආරක්ෂාව ලබාදීමට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහු ගන්දර රැඳීසිටින කාලය තුළ පැය 24 පුරා ම පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන අතර, ගන්දර රැඳී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ බැවින් ඔහු පසුගිය කාලය පුරා සැඟවුණු ජීවිතයක්  ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...