පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මුලතිව් මහේස්ත්‍රාත්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් සරත් වීරසේකරට එරෙහිව සුමන්තිරන් ඉදිරියට එයි !

Share post:

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එරෙහිව හිටපු ඇමති සරත් වීරසේකර විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ඊට අදාළ ව කඩිනමින් පියවර ගත යුතු බව අද (23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ පෞද්ගලික ජීවිතය සහ විවිධ කරුණු උපුටා දක්වමින් හිටපු ඇමතිවරයා විසින් මෙම චෝදනා එල්ල කර තිබිණි. මීට පෙර ද සරත් වීරසේකර විසින් එසේ කටයුතු කර තිබූ අතර, ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් දැඩි විරෝධය පළකර තිබිණි.

මහේස්ත්‍රාත්වරයාට රෝගී තත්ත්වයක් ඇති බව ද, ඊට කඩිනමින් ප්‍රතිකාර ගත යුතු බවක් ද හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද මෙසේ අවභාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් ය. එසේ ම විනිසුරුවරයෙකුගේ පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් අදහස් පළකිරීම මගින් හිටපු ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 83 උල්ලංඝනය කර ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ ම ආචාරධර්ම විරෝධී ලෙස මෙහිදී සරත් වීරසේකර කටයුතු කර ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මතු කර ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරත් වීරසේකර හිටපු ඇමතිවරයා විසින් මේ අදහස් පළකර තිබූ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යංශය විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙනුවට වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත්කළ යුතු ව ඇති බවයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...