පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මුලතිව් මහේස්ත්‍රාත්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් සරත් වීරසේකරට එරෙහිව සුමන්තිරන් ඉදිරියට එයි !

Share post:

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එරෙහිව හිටපු ඇමති සරත් වීරසේකර විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ඊට අදාළ ව කඩිනමින් පියවර ගත යුතු බව අද (23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ පෞද්ගලික ජීවිතය සහ විවිධ කරුණු උපුටා දක්වමින් හිටපු ඇමතිවරයා විසින් මෙම චෝදනා එල්ල කර තිබිණි. මීට පෙර ද සරත් වීරසේකර විසින් එසේ කටයුතු කර තිබූ අතර, ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් දැඩි විරෝධය පළකර තිබිණි.

මහේස්ත්‍රාත්වරයාට රෝගී තත්ත්වයක් ඇති බව ද, ඊට කඩිනමින් ප්‍රතිකාර ගත යුතු බවක් ද හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද මෙසේ අවභාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් ය. එසේ ම විනිසුරුවරයෙකුගේ පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් අදහස් පළකිරීම මගින් හිටපු ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 83 උල්ලංඝනය කර ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ ම ආචාරධර්ම විරෝධී ලෙස මෙහිදී සරත් වීරසේකර කටයුතු කර ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මතු කර ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරත් වීරසේකර හිටපු ඇමතිවරයා විසින් මේ අදහස් පළකර තිබූ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යංශය විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙනුවට වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත්කළ යුතු ව ඇති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...