බටහිර වෙරළ තීරයේ කැස්බෑ මළසිරුරු : කොළඹ කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් !

Share post:

කොළඹ ආශ්‍රිත වෙරළ තීරයට අසාමාන්‍ය ලෙස කැස්බෑ මළසිරුරු ගොඩගැසීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඊයේ (22) වැල්ලවත්තේ සිට ගෝල්ෆේස් දක්වා වෙරළ තීරයෙන් කැස්බෑ මළසිරුරු 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. අද (23) පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරවලට ද මළසිරුරු ගොඩගසා තිබිණි.

මෙම මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදාළ ස්ථානවලට ගොස් මූලික විමර්ශන පවත්වා තිබිණි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04ක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...