බටහිර වෙරළ තීරයේ කැස්බෑ මළසිරුරු : කොළඹ කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් !

Share post:

කොළඹ ආශ්‍රිත වෙරළ තීරයට අසාමාන්‍ය ලෙස කැස්බෑ මළසිරුරු ගොඩගැසීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඊයේ (22) වැල්ලවත්තේ සිට ගෝල්ෆේස් දක්වා වෙරළ තීරයෙන් කැස්බෑ මළසිරුරු 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබිණි. අද (23) පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරවලට ද මළසිරුරු ගොඩගසා තිබිණි.

මෙම මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.

නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදාළ ස්ථානවලට ගොස් මූලික විමර්ශන පවත්වා තිබිණි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගෝල්ෆේස් වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04ක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...