ෆ්‍රේසර්ගේ වාර්තාව ෂාකාරි උදුරගනියි : ලෝකඩ පදක්කම ලැබුණ එක සතුටක් – ෆ්‍රේසර්

Share post:

බුඩාපෙස්ට් හි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 100 ලෝක ශූරතාව දිනා ගැනීමට එක්සත් ජනපදයේ ෂාකාරි රිචඩ්සන් ඊයේ (21) සමත්විය. 

රිචඩ්සන් සඳුදා පැවැති අවසන් මහා තරගයේ දී තත්පර 10.65 ක වාර්තාගත කාලයකින් ජයග්‍රහණය කරා දිව ගියාය.

එම ජයග්‍රහණයත් සමග මෙතෙක් ලෝක ශූරතාවයට හිමිකම් කිවූ ජැමෙයිකාවේ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්ට හයවැනි කාන්තා ලෝක මීටර් 100 ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුව බිඳ ගැනීමට සිදුවිය. 

දණහිසේ ආබාධයකින් පෙලෙමින් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කිරීමෙන් පසුව තරග බිමට එක්වූ ෆ්‍රේසර්-ප්‍රයිස්,  ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකිවීම පිළිබඳ “සැබවින්ම සතුටට පත්වන ” බව පැවසුවාය.

ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙරිකා ජැක්සන් තත්ත්පර 10.77 කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම් දිනා ගත්තාය. 

කෙසේවෙතත් ෂාකාරි රිචඩ්සන් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවක ලක්වීම නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල  තහනම් විය.

එමෙන්ම ෂකාරි  2017 වසරේදී ටෝරි බෝවීගෙන් පසු මීටර් 100 ජාත්‍යන්තර තරග ඉසව්ව ජයගත් පළමු අමෙරිකානු ජාතික ක්‍රීඩිකාව ද වන්නීය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...