ෆ්‍රේසර්ගේ වාර්තාව ෂාකාරි උදුරගනියි : ලෝකඩ පදක්කම ලැබුණ එක සතුටක් – ෆ්‍රේසර්

Share post:

බුඩාපෙස්ට් හි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 100 ලෝක ශූරතාව දිනා ගැනීමට එක්සත් ජනපදයේ ෂාකාරි රිචඩ්සන් ඊයේ (21) සමත්විය. 

රිචඩ්සන් සඳුදා පැවැති අවසන් මහා තරගයේ දී තත්පර 10.65 ක වාර්තාගත කාලයකින් ජයග්‍රහණය කරා දිව ගියාය.

එම ජයග්‍රහණයත් සමග මෙතෙක් ලෝක ශූරතාවයට හිමිකම් කිවූ ජැමෙයිකාවේ ෂෙලී-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්ට හයවැනි කාන්තා ලෝක මීටර් 100 ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුව බිඳ ගැනීමට සිදුවිය. 

දණහිසේ ආබාධයකින් පෙලෙමින් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කිරීමෙන් පසුව තරග බිමට එක්වූ ෆ්‍රේසර්-ප්‍රයිස්,  ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකිවීම පිළිබඳ “සැබවින්ම සතුටට පත්වන ” බව පැවසුවාය.

ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙරිකා ජැක්සන් තත්ත්පර 10.77 කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම් දිනා ගත්තාය. 

කෙසේවෙතත් ෂාකාරි රිචඩ්සන් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවක ලක්වීම නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල  තහනම් විය.

එමෙන්ම ෂකාරි  2017 වසරේදී ටෝරි බෝවීගෙන් පසු මීටර් 100 ජාත්‍යන්තර තරග ඉසව්ව ජයගත් පළමු අමෙරිකානු ජාතික ක්‍රීඩිකාව ද වන්නීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...