දවස 28 : පොදු ක්‍රියාමාර්ගයක් සඳහා දේශපාලන පක්ෂ – සිවිල් සංවිධාන එක මතයකට !

Share post:

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව ලබන 28දා පොදු විරෝධතාවක් පැවැත්වීමටත්, එක්ව පොදු ක්‍රියාමාර්ග ගැනීමටත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකඟ වී තිබේ.

ආණ්ඩුව මේ වන විට ගෙන ඇති අත්තනෝමතික තීන්දු ගණනාවක් අතරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වන ආකාරය මේ මොහොතේ විශාල පිරිසකට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස හැඳින්විය හැකිය. ඊපීඑෆ් / ඊටීඑෆ් අරමුදල්වලට හානිකර ලෙස ඒවාට අත තැබීම මේ වන විට වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු වී ඇති ප්‍රධාන ගැටළුවකි.

මේ වන විට විවිධ පාර්ශ්ව තනි-තනිව එම තීන්දුවට එරෙහිව ක්‍රියාමාර්ගවලට යොමු වී ඇතත්, පුළුල් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව පවතින බව වෘත්තීය සමිති අවධාරණය කර සිටී. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 18දා කොළඹ, මහජන පුස්තකාලයේ වෘත්තීය සමිති විසින් කළ කැඳවීමක් මත පැවති සාකච්ඡාවට වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් සහභාගි වී සිටියේය.

එහිදී කරුණු ගණනාවක් සාකච්ඡා කෙරිණි.

ජනතාව මුහුණදෙන ප්‍රශ්න ගණනාවක් මෙහිදී මූලික වශයෙන් හඳුනාගැනුණු අතර, පොදු ක්‍රියාමාර්ගයකදී ඒ සියල්ල පිළිබඳ හඬ නැගීමට සියලු පාර්ශ්ව එකඟ විය.

–        රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප

–        ආයතන පෞද්ගලිකකරණය (විදුලි බල මණ්ඩලය, ටෙලිකොම්)

–        සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නය

–        ගොවියන්ගේ ජල ප්‍රශ්නය

–        කම්කරු නීති සංශෝධනය

–        සමෘද්ධි සහනාධාර අහිමි වීම සහ අස්වැසුම ලබා දීමේදී ඇතිව තිබෙන අර්බුදය

යෝජිත ක්‍රියාමාර්ග

මෙම කාරණා පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා විය. පොදු ක්‍රියාමාර්ගයක් සඳහා සියලු දේශපාලන පක්ෂ එකඟ වන බව ප්‍රකාශ කෙරිණ.

–        කම්කරු සමුළුවක් කැඳවීම

–        ආයතන ඉදිරිපිට කෑම පැයේ විරෝධතා

–        ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්

–        කොළඹදී පවත්වන ඒකාබද්ධ පුළුල් විරෝධතාවක්

–        කොළඹ පවත්වන විරෝධතාවක් සහ එයට සමගාමීව කොළඹින් පිට පවත්වන විරෝධතාවක්

එකඟතා

එහිදී හැකි සියලු පාර්ශ්වයන් ඒකරාශි කරගත් පුළුල් විරෝධතාවක් අගෝස්තු 28 වැනිදා කොළඹදී පැවැත්විය යුතු බවට එකඟතාවක් ඇති විය. අනෙකුත් පියවර පිළිබඳ ඉදිරියේදී කතා කළ යුතු බව වැඩිදුරටත් එකඟ විය.

එම විරෝධය ඊපීඑෆ්/ඊටීඑෆ් කප්පාදුව තේමා කරගත් විරෝධයක් පැවැත්විය යුතු බවට එකඟතාව ලැබුණු අතර, එම විරෝධතාවට පෙර මේ පිළිබඳ ජනතා දැනුම තීව්‍ර කිරීම සහ විරෝධතාවට සහභාගී වීම සඳහා ජනතාවගේ උනන්දුව වැඩි කිරීම සඳහා එකඟතා ඇති විය.

අගෝස්තු 24 වැනිදා දිවයින පුරා ආයතන මට්ටමෙන් දැනුවත් කිරීම් සහ විරෝධතා පැවැත්විය යුතු බව යෝජනා විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...