බලශක්ති ලේකම් කාර්යාලය මෙහෙයවන්න ලංකාවට කිසිදු වියදමක් නෑ : කාංචන දන්න ටික අහගන්න විදිහකුත් නෑ !

Share post:

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා වන ලේකම් කාර්යාලයේ (Power Sector Reforms Secretariat – PSRS) සියලු කාර්යමණ්ඩල දීමනා ජාත්‍යන්තර සංවර්ධන ආයතන මගින් ගෙවීමට නියමිත ය.

විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මීට අදාළ කැබිනට් පත්‍රිකාවේ ඒ බව සඳහන් වේ. ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank –  ADB), ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA), ලෝක බැංකුව (World Bank – WB) සහ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (United States Agency for International Development – USAID) මේ සඳහා සියලු අනුග්‍රාහකත්වය සැපයීමට නියමිත ය.  

අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන්නේ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මත මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර සහයෝගිතා සංවිධාන මගින් මෙහෙයවනු ලබන විශේෂඥයන් පිරිසක් මගින් සිදුකරන බවයි.

මෙම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ආචාර්ය ප්‍රදීප් පෙරේරා පත්කිරීමට නියමිත ය. ඔහු වෘත්තියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකු වන අතර, ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු බලශක්ති විශේෂඥයෙකි. එසේ ම ජයිකා ආයතනය මගින් මුලින්ම මෙම ලේකම් කාර්යාලය සඳහා ආචාර්ය පෙරේරාගේ නම යෝජනා කොට ඇත.

මෙම මේ අතර මෙසේ ස්ථාපිත කෙරෙන ලේකම් කාර්යාලය මගින් නිශ්චිත ව සිදුකෙරෙන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට විදුලිබල මණ්ඩලය තුළ බරපතළ සංවාදයක් මතු වී තිබේ. එහි වෘත්තීය සමිති දිගින්-දිගටම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා තිබුණද, මෙතෙක් අවසාන තීරණ කිසිවක් ගෙන නොමැති වීම හේතුවක් ලෙස දක්වමින් එම සාකච්ඡා කල්දමමින් පැවතිණි. සේවක සංඛ්‍යාව අඩු කිරීම, වියදම් කප්පාදුව ඇතුළු යෝජනා රැසක් මුල් වටයේදී ම ක්‍රියාත්මක වනු ඇතැයි එම සමිති පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා විෂය බාර ඇමති කාංචන විජේසේකර සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...