ඔබේසේකර: මහා සංස්කෘතියක්

Share post:

සම්මානිත මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර හා මහාචාර්‍ය රංජනී ඔබේසේකර ජීවන කාර්‍ය ඇගයීමේ උලෙළක් පෙරේදා (අගෝස්තු 09) පේරාදෙණි සරසවියේ දී පැවැත්වුණා. සහභාගි විය හැකි ව තිබුණා නම් අමරණීය අවස්ථාවක්. ලියනගේ අමරකීර්ති හා ධම්මික හේරත් මහාචාර්‍යවරුන් සිදු කළ ඇගයුම් දෙසුම් අපට අසන්නටවත් පටිගත නොවුණු බව තමයි පෙනෙන්නෙ. ඒ දෙසුම් දෙක කුඩා පුස්තිකාවක් ලෙස මුද්‍රණය වනවා නම් කදිම යි.

ඔබේසේකර සම්ප්‍රදානය ගැන කීම කිරෙහි සුද වැනුමක් වගෙයි. හරි ම නිරහංකාර යුවළක්. ඊයෙ එයාලා අත් අල්ලාගෙන එතනට ඇවිත් තිබුණු පින්තූරය අමුතු හැඟීමක් ඇති කළා. ගණනාථට 93 යි. නන්දන වීරරත්න ඔහු ගැන අපූරු තොරතුරු ලියලා තියෙනවා. වරක් මට හා සමන් කාරියකරවනට අපේ පර්‍යේෂණ කටයුත්තක් සඳහා එතුමන්ලා මුණ ගැසීමට අවස්ථාව සාදා දුන්නෙ ආචාර්‍ය සුදේශ් මන්තිලක මිතුරා. ආගන්තුක සත්කාරයේ හරි ම බුහුටියි එයාලා. සරසවිවල අලුත් සිසුන් හිතන පතන දේ දැනගන්න අවශ්‍ය වුණා ගණනාථට. අත් නොහැර සිසුන්ගේ දේශපාලන දැක්ම ගැන මැදිහත් වෙන්න කියා ඉල්ලුවා අපෙන්. පුදුම උනන්දුවක් තවමත් තියෙන්නෙ සමාජ පරිවර්තනය ගැන.

පෙරේදා ඔබේසේකර එකතුව ලෙස පේරාදෙණි පොත්ගුළට ලැබුණු ග්‍රන්ථ දායාදය ලංකාවෙ තිබිය හැකි විරල ම මානව විද්‍යා පොත් සංචිතයක් වේවි.
එක්සත් ජනපද ප්‍රින්ස්ටන් සරසවි සම්මානිත මහාචාර්‍යවරයෙකු අපේ රටේ සිටින එක, ඒ ගැන එහෙම හිතන එක මට මහා සොම්නසක්. මගේ ගම ගැන අහපු ගමන් එයාට මතක් වුණේ පත්තිනි පර්‍යේෂණයට ක්ෂේත්‍ර ගවේෂණ හිනිදුම් පත්තුවේ කළ බව.ජනවහර, ශාන්ති කර්ම පටිගත කිරීම් කරන්න විඳපු දුක පැහැදිලි කළා. ඒත් පෙරේදා දේශන දෙක අපට පටිගත කර ගන්න බැරි වෙලානෙ.

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...