ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවෙන්සිසියෝ ඝාතනය කෙරේ

Share post:

ලඟදි එළබෙන ඉක්වදෝර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වූ ෆර්නන්ඩෝ විලවෙන්සිසියෝ (Fernando Villavincecio) ඊයේ නාදුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වී තිබෙනවා. ඉක්වදෝර ජාතික කවුන්සිලයේ සාමාජිකයෙක් වන ඔහු වෘත්තියෙන් පත්‍රකලාවේදියෙක් වෙනවා.
ඔහුගේ වෘත්තීය ජිවිතයේම දිගුවක් ලෙස දුෂණ සහ වංචා සඳහා එරෙහි වැඩපිළිවෙලක් සමඟ ඔහු මෙවර ඉක්වදෝර මැතිවරණයට තරඟකර තිබෙනවා.
එමෙන්ම ඔහු ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද හඬ අවදිකර තිබෙනවා. මේ මරණයට එය ද හේතුවක් වන්නට ඇතැයි දේශපාලන විශේලේෂකයින් විශ්වාස කරනවා.

එසේම මෑතක ඉක්වදෝරයේ මතුවූ ප්‍රචණ්ඩ දේශපාලනය ගැනද ඔහු විවේචනාත්මක අදහස් පළකර තිබෙනවා.
මේ මරණයත් සමඟ එරට හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

තුන්වැනි ලෝකයේ දේශපාලනය තොතරම් මරණීය එකක් දැයි යන්න වෙනුවෙන් මේ ඝාතනය මනා සාක්ෂි සපයන බවට ඇතැම් අය මත පළකරනවා.

මහේෂ් හපුගොඩ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...