ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවෙන්සිසියෝ ඝාතනය කෙරේ

Share post:

ලඟදි එළබෙන ඉක්වදෝර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වූ ෆර්නන්ඩෝ විලවෙන්සිසියෝ (Fernando Villavincecio) ඊයේ නාදුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩි පහරට ලක්ව ඝාතනය වී තිබෙනවා. ඉක්වදෝර ජාතික කවුන්සිලයේ සාමාජිකයෙක් වන ඔහු වෘත්තියෙන් පත්‍රකලාවේදියෙක් වෙනවා.
ඔහුගේ වෘත්තීය ජිවිතයේම දිගුවක් ලෙස දුෂණ සහ වංචා සඳහා එරෙහි වැඩපිළිවෙලක් සමඟ ඔහු මෙවර ඉක්වදෝර මැතිවරණයට තරඟකර තිබෙනවා.
එමෙන්ම ඔහු ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද හඬ අවදිකර තිබෙනවා. මේ මරණයට එය ද හේතුවක් වන්නට ඇතැයි දේශපාලන විශේලේෂකයින් විශ්වාස කරනවා.

එසේම මෑතක ඉක්වදෝරයේ මතුවූ ප්‍රචණ්ඩ දේශපාලනය ගැනද ඔහු විවේචනාත්මක අදහස් පළකර තිබෙනවා.
මේ මරණයත් සමඟ එරට හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

තුන්වැනි ලෝකයේ දේශපාලනය තොතරම් මරණීය එකක් දැයි යන්න වෙනුවෙන් මේ ඝාතනය මනා සාක්ෂි සපයන බවට ඇතැම් අය මත පළකරනවා.

මහේෂ් හපුගොඩ (fb)

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...