මැයි 09 මන්ත්‍රී ඝාතනය : විත්තිකරුවන් 37කට ඇප : විශේෂ නඩුකරයක් ලෙස සලකන්න – නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් !

Share post:

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතන සිද්ධියට අදාළ විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ.

මෙම නියෝගය ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ඝාතනයට ලක්වුයේ 2022 මැයි 09දා ය. අමරකීර්ති මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක්විය.

මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂකකයා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන ද එම අවස්ථාවේ දී ඝාතනයට ලක්විය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය ජුනි 19දා  බාරදෙන ලදි.

පුද්ගල ඝාතනය ඇතුළු අධිචෝදනා 14ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම නඩුව විභාග වේ.

අධිචෝදනා පත්‍ර බාරදීමෙන් පසු එදින අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය විශේෂ නඩුකරයක් වන බැවින් දිනපතා හෝ සතියකට නියම කරන දින කිහිපයකදී නඩු විභාගය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙය විශේෂ නඩුකරයක් වන බැවින් ඉක්මන් නඩු විභාගයක් සඳහා අගවිනිසුරුවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වන විට මෙම නඩුවේ විත්තිකරුවන්ගෙන් දෙදෙනකු නඩුවට ඇතුළත්ව නොමැති බවත්, ඉන් එක් විත්තිකරුවකු විදේශ රටකට ගොස් ඇති අතර, අනෙක් විත්තිකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇති බවයි.

මේ තත්ත්වය යටතේ රක්ෂිත භාරයේ සිටින විත්තිකරුවන්ට ඇප නියම කළහොත් ඔවුන් නඩු විභාගයට බලපෑම් කළ හැකි ඉඩ අවස්ථාව වැඩි බැවින් ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...