මැලේසියාවේ සයස්රුල්ගෙන් T20 ලෝක වාර්තාවක්

Share post:

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී ලකුණු 08 කට කඩුලු 7ක් බිඳ දමමින් ලොව හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීමට මැලේසියානු ක්‍රීඩක සයස්රුල් ඉද්‍රස් ඊයේ (26) සමත් විය.

2024 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී ඔහු මෙම ලෝක වාර්තාව තැබීමට සමත්විය.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් චීන කණ්ඩායමේ ඉනිම ලකුණු 23කට සීමා විය.

එහිදී සයස්රුල් ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 7 බිඳ දැමූ අතර ඒ පන්දුවාර 4කදී නිලකුණු පන්දු වාරයක් ද සමගිනි.

මීට පෙර මෙම වාර්තාවට උරුමකම් කීවේ ලකුණු 5කට කඩුලු 6ක් බිඳ දැමූ නයිජීරියාවේ පීටර් අහෝය.

අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ලෙස විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩක දීපක් චාහර් වන අතර, ඔහු බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාව කඩුලු දෙකක් දැවී පන්දුවාර 4.5කදී ජයග්‍රහණය තහවුරු කළේය.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...