මැලේසියාවේ සයස්රුල්ගෙන් T20 ලෝක වාර්තාවක්

Share post:

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී ලකුණු 08 කට කඩුලු 7ක් බිඳ දමමින් ලොව හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීමට මැලේසියානු ක්‍රීඩක සයස්රුල් ඉද්‍රස් ඊයේ (26) සමත් විය.

2024 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී ඔහු මෙම ලෝක වාර්තාව තැබීමට සමත්විය.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් චීන කණ්ඩායමේ ඉනිම ලකුණු 23කට සීමා විය.

එහිදී සයස්රුල් ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කඩුලු 7 බිඳ දැමූ අතර ඒ පන්දුවාර 4කදී නිලකුණු පන්දු වාරයක් ද සමගිනි.

මීට පෙර මෙම වාර්තාවට උරුමකම් කීවේ ලකුණු 5කට කඩුලු 6ක් බිඳ දැමූ නයිජීරියාවේ පීටර් අහෝය.

අයිසීසී පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ලෙස විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩක දීපක් චාහර් වන අතර, ඔහු බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාව කඩුලු දෙකක් දැවී පන්දුවාර 4.5කදී ජයග්‍රහණය තහවුරු කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...