දැල් පන්දු ලෝක කුසලානය : ආසියානු ශූරියන් 28 තරග බිමට

Share post:

දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය – 2023 අනිද්දා ( 28) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී  ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවරද දැල් පන්දු ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 16ක් ක්‍රීඩාකරන අතර   ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමද මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වනු ඇත.

ඊට සහභාගි වීමට ප්‍රථම බොට්ස්වානා හිදී ජාත්‍යන්තර පුහුණු සැසියක් පැවැත්වුණු අතර එහිදී පැවැත්වුණු තරග හතරෙන්ම හ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළේය.

ආසියානු ශූරියන් ලෙස ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට එක්වන අතර මෙවර ඔවුන්  C කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.

සී කාණ්ඩයේ මූලික වටයේ තරග  28 වැනිදා ආරම්භ වන අතර එදින ජැමෙයිකාව සමගත්, ජූලි 29 වැනිදා දකුණු අප්‍රිකාව සමග  සහ ජූලි 30 වැනිදා වේල්සය  සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග කරනු ඇත. 

මෙවර කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර  A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, ටොන්ගා සිම්බාබ්වේ සහ ෆිජී කණ්ඩායම් තරග කරනු ඇත.

එමෙන්ම  B කාණ්ඩය යටතේ එංගලන්තය, මලාවි, ස්කොට්ලන්තය සහ බාබඩෝස් යන කණ්ඩායම් තරග කරනු ලබයි.  

D කාණ්ඩය යටතේ නවසීලන්තය, උගන්ඩා, ට්‍රින්ටෑඩ් සහ ටොබැගෝ සහ සිංගප්පූරුව තරග වැදීමට නියමිතය.

අවසාන වරට 2019 වසරේදි  ලිවර්පූල් හි පැවති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව 15 වන ස්ථානයට පත්වුණු අතර  ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක ශ්‍රී ලංකාව වාර්තා කරපු ඉහළම ස්ථානය වාර්තාවූයේ 1963 වසරේ පැවැති සමාරම්භක ලෝක දැල් පන්දු කුසලාන තරගවලියේදීය.

එංගලන්තයේදී පැවැති එම ලෝක ශුරතාවලියෙදි ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන දැල් පන්දු සංචිතය

ගයාංජලී අමරවංශ (නායිකා) දුලංගි වන්නිතිලක (උප නායිකාව), තිෂාලා අල්ගම, සේමිණී අල්විස්, රශ්මි දිව්‍යාංජලී, මල්මි හෙට්ටිආරච්චි, ගයානි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞශල්‍යා, භාෂිණී ද සිල්වා, ශානිකා පෙරේරා, තර්ජනී සිවලිංගම්

අතිරේක ක්‍රීඩිකාවන් – රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, ඉමේෂා පෙරේරා,  තරුෂි පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...