දැල් පන්දු ලෝක කුසලානය : ආසියානු ශූරියන් 28 තරග බිමට

Share post:

දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය – 2023 අනිද්දා ( 28) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී  ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවරද දැල් පන්දු ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 16ක් ක්‍රීඩාකරන අතර   ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමද මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වනු ඇත.

ඊට සහභාගි වීමට ප්‍රථම බොට්ස්වානා හිදී ජාත්‍යන්තර පුහුණු සැසියක් පැවැත්වුණු අතර එහිදී පැවැත්වුණු තරග හතරෙන්ම හ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළේය.

ආසියානු ශූරියන් ලෙස ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට එක්වන අතර මෙවර ඔවුන්  C කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.

සී කාණ්ඩයේ මූලික වටයේ තරග  28 වැනිදා ආරම්භ වන අතර එදින ජැමෙයිකාව සමගත්, ජූලි 29 වැනිදා දකුණු අප්‍රිකාව සමග  සහ ජූලි 30 වැනිදා වේල්සය  සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග කරනු ඇත. 

මෙවර කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර  A කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව, ටොන්ගා සිම්බාබ්වේ සහ ෆිජී කණ්ඩායම් තරග කරනු ඇත.

එමෙන්ම  B කාණ්ඩය යටතේ එංගලන්තය, මලාවි, ස්කොට්ලන්තය සහ බාබඩෝස් යන කණ්ඩායම් තරග කරනු ලබයි.  

D කාණ්ඩය යටතේ නවසීලන්තය, උගන්ඩා, ට්‍රින්ටෑඩ් සහ ටොබැගෝ සහ සිංගප්පූරුව තරග වැදීමට නියමිතය.

අවසාන වරට 2019 වසරේදි  ලිවර්පූල් හි පැවති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව 15 වන ස්ථානයට පත්වුණු අතර  ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක ශ්‍රී ලංකාව වාර්තා කරපු ඉහළම ස්ථානය වාර්තාවූයේ 1963 වසරේ පැවැති සමාරම්භක ලෝක දැල් පන්දු කුසලාන තරගවලියේදීය.

එංගලන්තයේදී පැවැති එම ලෝක ශුරතාවලියෙදි ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන දැල් පන්දු සංචිතය

ගයාංජලී අමරවංශ (නායිකා) දුලංගි වන්නිතිලක (උප නායිකාව), තිෂාලා අල්ගම, සේමිණී අල්විස්, රශ්මි දිව්‍යාංජලී, මල්මි හෙට්ටිආරච්චි, ගයානි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞශල්‍යා, භාෂිණී ද සිල්වා, ශානිකා පෙරේරා, තර්ජනී සිවලිංගම්

අතිරේක ක්‍රීඩිකාවන් – රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, ඉමේෂා පෙරේරා,  තරුෂි පෙරේරා

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...