මෝදිට දුන් පොරොන්දු ගැන සාකච්ඡා කරන්න ජනපති ආණ්ඩුව – විපක්ෂය කැඳවයි : ඉඩම් බලතල ගැන ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් !

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී එහි අන්තර්ගත පොලිස් බලතල හැර අනෙක් කොටස් ක්‍රියාවට නංවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ එකඟතාව පළකිරීම ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් මතුවීමට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් මූලික විරෝධතාව පළකර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ ඉදිරි සතියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබාගත්තද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

තමන් එකඟ වී ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ අන්තර්ගත පොලිස් බලතල හැර සෙසු සියලු කොටස් ක්‍රියාවට නැංවීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට දැනුම් දී තිබේ. ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග මේ බව තහවුරු කරන අතර, මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සතියේ කැඳවනු ඇති බව ද අවධාරණය කරයි.

එසේ ම මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සමග ද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.  

මේ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ඇමති එස්.බී. දිසානායක සඳහන් කරන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ අන්තර්ගත ඉඩම් බලතල ලබාදීම සම්බන්ධයෙන් තාම පක්ෂය කිසිදු තීරණයක් ගෙන නැති බවයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බලතල ක්‍රියාවට නංවන්නේ නම් ඒ පිළිබඳ පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි.

මීට පෙර අවස්ථාවක ද පොදුජන පෙරමුණ තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස්  – ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට එකඟ නොවන බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...