ආවරණ අනුමැතියකින් ජනපති දුන් සේවා දිගුව ව්‍යවස්ථා විරෝධියි : පොලිස්පති වික්‍රමරත්නගේ සේවාදිගුවට තවමත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නෑ ?

Share post:

සේවා දිගු 2ක් ලබාදීමෙන් පසු විශ්‍රාම ලත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට නැවතත් සේවා දිගුවක් ලබා දීම මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කර නැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී වගකිවයුතු නිලධාරියෙකු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධ දැනුම් දීම කතානායකවරයා වෙත ලැබී ඇති බවයි. එහෙත් මෙතෙක් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස්වී නැති බව ද එම නිලධාරියා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සේවා දිගුව ලබාදී ඇත්තේ මාස 03ක කාලයක් සඳහා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීමකින් තොරව, ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත් ව පසුගිය 09දා සිට මෙම පත්කිරීම සිදු කර ඇත. ඔහුගේ දෙවැනි සේවා දිගුව මාර්තු 26දා සිට ජුනි 26දා දක්වා විය.

මෙසේ ආවරණ අනුමැතියට යටත් ව තීරණාත්මක තීන්දු ගැනීම ව්‍යවස්ථා විරෝධී බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසයි. එමගින් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව සතු බලතල අනියමින් උදුරාගැනීමක් සිදුකරන බව ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයට ම පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට එකවර ස්ථාන මාරු ලබාදීම ද සිදුකරන ලද්දේ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ය. එම ස්ථාන මාරුවීම් සිදුකරන ලද්දේ ද චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා සීය දෙවැනි සේවා දිගුව කාලයේදී ය.

කෙසේ වෙතත් තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙන්නේ නව පොලිස්පතිවරයෙකු පත්කිරීමක් මෙහිදී සිදුකර නැති නිසා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුනොවන බවයි.  

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...