කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ සේවකයෙක් මරුට !

Share post:

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන අවුරුදු 33ක් වයසැති කළමනාකාර සහායකවරයෙක් කැනියුලාවක් මඟින් විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා තමන්ට ඇති වූ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට සේලයින් ඇතුළු ඖෂධ ලබාදීම සඳහා අතට සවිකළ කැනියුලාවෙන් විෂබීජයක් ඇතුළු වී එය රුධිරය හරහා හෘදය දක්වා ගමන් කර ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

උණ රෝගය වැළදී දරුණු ලෙස රුධිර පට්ටිකා අඩුවීම හේතුවෙන් ඔහුට සේලයින් ඇතුළු විවිධ ඖෂධ වෛද්‍ය නිර්දේශ මත කැනියුලාව හරහා ලබාදීමෙන් පසුව රෝගය සුවපත්වීමෙන් අනතුරුව ඔහු නිවස බලා ගොස් තිබේ.

මෙලෙස සුවය ලබා නිවසට ගිය පුද්ගලයාගේ කැනියුලාව සවි කර තිබූ අත ඉදිමීම නිසා නැවත අසනීප තත්ත්වය උත්සන්න වී රෝහල් ගත කර ඇත.

එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් දැනගැනීමට ලැබී ඇත්තේ විෂබීජයක් ශරීරගත වී එය හෘදයේ අසාත්මිකතාවක් ඇතිකිරීම දක්වා ගමන් කර ඇති බවයි.

(මූලාශ්‍රය : www.news19.lk)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...