කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ සේවකයෙක් මරුට !

Share post:

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන අවුරුදු 33ක් වයසැති කළමනාකාර සහායකවරයෙක් කැනියුලාවක් මඟින් විෂබීජයක් ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා තමන්ට ඇති වූ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට සේලයින් ඇතුළු ඖෂධ ලබාදීම සඳහා අතට සවිකළ කැනියුලාවෙන් විෂබීජයක් ඇතුළු වී එය රුධිරය හරහා හෘදය දක්වා ගමන් කර ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

උණ රෝගය වැළදී දරුණු ලෙස රුධිර පට්ටිකා අඩුවීම හේතුවෙන් ඔහුට සේලයින් ඇතුළු විවිධ ඖෂධ වෛද්‍ය නිර්දේශ මත කැනියුලාව හරහා ලබාදීමෙන් පසුව රෝගය සුවපත්වීමෙන් අනතුරුව ඔහු නිවස බලා ගොස් තිබේ.

මෙලෙස සුවය ලබා නිවසට ගිය පුද්ගලයාගේ කැනියුලාව සවි කර තිබූ අත ඉදිමීම නිසා නැවත අසනීප තත්ත්වය උත්සන්න වී රෝහල් ගත කර ඇත.

එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් දැනගැනීමට ලැබී ඇත්තේ විෂබීජයක් ශරීරගත වී එය හෘදයේ අසාත්මිකතාවක් ඇතිකිරීම දක්වා ගමන් කර ඇති බවයි.

(මූලාශ්‍රය : www.news19.lk)

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...