2000 දමයන්ති දර්ශා : 2023 නදීෂා රාමනායක : කාන්තා මීටර් 400 වසර 23කට පසු යළිත් ලංකාවට !

Share post:

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වූවාය.

ඒ් අනුව ආසියානු ශූරතාවලියේ ඒකල රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට ඇය පත්විය.

කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කළ නදීෂා එහි රන් පදක්කම හිමිකර ගත්තේ තත්පර 52යි දශම 6යි 1ක කාලයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් ශූරතා වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසිනි.

ඒ අනුව එය වසර 23කට පසුව ලැබූ රන් පදක්කමයි. මෙය පදක්කම මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් තෙවැනි පදක්කමයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...