මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…

Share post:

නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක මගේ ෆැන්ටසි පරමාදර්ශ ඇතුලේ ”විප්ලවයක්” වෙනකල් බලාන හිටිය. හැබැයි මම කවදාවත් විසි වෙනි සියවසේ පරණ ආකෘතියේ විප්ලවයක් සිදුවෙයි කියල හිතුවේ නැහැ.

මම හිතුවේ 1917 රුසියන් විප්ලවයත් නොවන, 1949 චීන විප්ලවයත් නොවන, 1959 කියුබන් විප්ලවයත් නොවන වෙනස්ම මාදිලියේ ලාංකික විප්ලවයක් ගැන.

එහෙම එකක් සිද්ද උනෙත් නැහැ. පරණ එක සිද්ද උනෙත් නැහැ. ඒ වෙනුවට බලය අමුතු විදියකට හුවමාරු වෙලා තියනවා. අලුත් මාස්ටර් කෙනෙක් ඇවිල්ල ඉන්නවා.

හැබැයි අරගලයේ හිටපු හුඟක් අය අනුරාගික උනේ තම තමන් අරගලය ඇතුලේ විකසිත කළ අනන්‍යතාවට. ලිබරල් අය ලිබරල් අනන්‍යතාවට ආශා කළා. වමේ අය වමේ අනන්‍යතාවට ආශා කළා. පක්ෂ වලින් ආපු අය පක්ෂ අනන්‍යතාවට ආශක්ත වෙලා හිටිය. ලිංගික අනන්‍යතා එක්ක ආපු අය එයාලගේ එකට අනන්‍ය උණා. අතුරුදහන් වූවන් වෙනුවෙන් ආපු අය එයාලගේ එකට. ආගමික අය ඒ පැත්තට. ෆන් එකට ආපු අය ඒ පැත්තට. චිත්‍ර අඳින්න ආපු අය ඒකට. සින්දු කියන්න ආපු අය ඒ පැත්තට. රඟපාන්න ආපු අය ඒ පැත්තට. විකල්ප බලශක්ති අය ඒ එක්ක. පරිසරවාදීන් ඒ එක්ක. සත්ව අයිතීන් එක්ක ආපු අය ඒ එක්ක. …සහ මෙකී නොකී බොහෝ අනන්‍යතා රැගෙන ආපු අය ඒ එක්ක එයාලට හැකි පමණ කළා.

ඒ නිසා අරගලයට වෙන කවදාවත් නැති ලස්සනක් ආව.

හැබැයි කවුරුවත් ඒ අනන්‍යතා එක මොහොතක සම්පුර්ණයෙන් අමතක කරලා වෙනත් හැඟවුමක් (unknown signifier) වටා එකතු වෙන්න පුළුවන් පොදුවේ විප්ලවීය මොහොතක් එළඹිය හැකි බවටත්, ඒ මොහොත විසින් සියල්ල එකවර කණපිට ගැසිය හැකි බවටත්, මුල්වරට ලෝක ගෝලයේ පුංචි ඇටේක ඓතිහාසික නිමේශයක් එළඹෙන්න පුළුවන් කියල වත් පරිකල්පනය කළේ නැහැ කියල හිතෙනවා.

අපි එවන් මොහොතක් ගැන අතිශය අනුරාගික වුණේ නැහැ සහ ඒ වෙනුවෙන් අපේ අනන්‍යතා අත්හරින්න සූදානම් වුණේ නැහැ කියල හිතෙනවා. එහෙම මොහොතක් උදාකරගන්න සහ පවත්වා ගෙනයන්න (sustain) ඕනි මූලික එකඟතා කිසිවක් අපි අතරේ (විවිධ දේශපාලන ප්‍රපංච අතරේ) තිබ්බේ නැහැ කියල හිතෙනවා.

ඒ නිසා ඒ ඓතිහාසික මොහොත අපේ ඇඟිලි අතරින් රූටා ගියා.

අපි අපේ ඊගෝ එක අත්හැරලා, අනන්‍යතාවලට අනුරාගික වෙනවා වෙනුවට පොදු විප්ලවයක් වෙනුවෙන් අනුරාගික උනානම්….
එහෙම උනානම් මොකක් වෙයි ද කියල ඔයාල මගෙන් ඇහුවොත් මටත් එකවර දෙන්න උත්තරයක් නැහැ. හැබැයි ඒ උත්තර නැති එක තමයි වඩාත් විප්ලවීය….

මොකද උත්තරය කියන්නේ අපි විසින් හොයාගත යුතු දෙයක්. කවුරුවත් ගෙනත් දෙන දෙයක් නෙවෙයි.

”මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේම ඉදිරියට යන්න” (ලෙනින්).
”Remember. Repeat. Work Through” (Lenin).

මහේෂ් හපුගොඩ

2023-07-09

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...