සුපිරි 6 අවසන් ක්‍රිකට් සටන අද

Share post:

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ අවසන් තරගය අද (07) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ වීමට නියමිත මෙම තරගය අරමුභ වන අතර මෙහි ප්‍රතිඵලය අවසන් මහා තරගයට බලපෑමක් නැත.

මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන්ය.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට කොදෙව් කණ්ඩායම පරාජයට පත් කිරීමට හැකිවුවහොත් අපරාජිතව අවසන් මහා තරගයට එක්වන කණ්ඩායම බවට පත්විය හැකිය.

මේ වන විට අයිසීසී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් කොදව් පිල 10 වැනි ස්ථානයෙත් පසු වෙයි.

කොදෙව් ශ්‍රී ලංකා දෙපිල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී 63 වරක් හමුව ඇති අතර, ඉන් තරග තරග 31ක් කොදෙව් පිල ජය ගනිද්දී තරග 29ක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත. තරග 3ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...