සුපිරි 6 අවසන් ක්‍රිකට් සටන අද

Share post:

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ අවසන් තරගය අද (07) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ වීමට නියමිත මෙම තරගය අරමුභ වන අතර මෙහි ප්‍රතිඵලය අවසන් මහා තරගයට බලපෑමක් නැත.

මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන්ය.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට කොදෙව් කණ්ඩායම පරාජයට පත් කිරීමට හැකිවුවහොත් අපරාජිතව අවසන් මහා තරගයට එක්වන කණ්ඩායම බවට පත්විය හැකිය.

මේ වන විට අයිසීසී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් කොදව් පිල 10 වැනි ස්ථානයෙත් පසු වෙයි.

කොදෙව් ශ්‍රී ලංකා දෙපිල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී 63 වරක් හමුව ඇති අතර, ඉන් තරග තරග 31ක් කොදෙව් පිල ජය ගනිද්දී තරග 29ක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත. තරග 3ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...