පළමු දිනම Threads සමග පරිශීලකයින් මිලියන 30ක් එක්වෙයි

Share post:

Facebook මව් සමාගම වන Meta විසින් දියත් කරන ලද නවතම Threads App සඳහා එහි පළමු දිනයේදීම මිලියන 30ක පරිශීලකයින් ලියාපදිංචි වී ඇති බව සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි.

මෙතෙක් රූප හා වීඩියෝ පමණක් පළ කළ හැකිවූ instagram යෙදුමට නව අංග එක් කිරීමක් ලෙස අදහස් දැක්වීමේ හා සංවාද සිදු කිරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් Threads ඇප් එක නිර්මාණය කළ බව එහි නිර්මාපකයින් පෙන්වාදෙයි.

Twitter සමාජ ජාල යෙදුමට සමානව Threads යෙදුම නිර්මාණය කර තිබේ. Twitter හි සිදුකළ මෑත කාලීන වෙනස්කම් පිළිබඳ අසතුටුදායක ට්විටර් පරිශීලකයින් Threads සඳහා ආකර්ෂණය කර ගත හැකි බවද මෙම ඇප් හි නිර්මාපකයින් පවසයි.

නමුත් Threads සම්බන්ධයෙන් අදහස් දක්වමින් Twitter ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසන්නේ Twitter අනුකරණය කරමින් app නිර්මාණය කිරීමට උත්සහා කලද පරිශීලකයින්ට “කිසිදා Twitter හි අනුපිටපත් අවශ්‍ය නොවන බවයි.

Threads පරිශීලකයින්ට අක්ෂර 500ක් දක්වා අදහස් පළ කිරීමට ඉඩ ලබා දෙන අතර Twitter හා සමාන බොහෝ විශේෂාංග ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...