පළමු දිනම Threads සමග පරිශීලකයින් මිලියන 30ක් එක්වෙයි

Share post:

Facebook මව් සමාගම වන Meta විසින් දියත් කරන ලද නවතම Threads App සඳහා එහි පළමු දිනයේදීම මිලියන 30ක පරිශීලකයින් ලියාපදිංචි වී ඇති බව සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි.

මෙතෙක් රූප හා වීඩියෝ පමණක් පළ කළ හැකිවූ instagram යෙදුමට නව අංග එක් කිරීමක් ලෙස අදහස් දැක්වීමේ හා සංවාද සිදු කිරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් Threads ඇප් එක නිර්මාණය කළ බව එහි නිර්මාපකයින් පෙන්වාදෙයි.

Twitter සමාජ ජාල යෙදුමට සමානව Threads යෙදුම නිර්මාණය කර තිබේ. Twitter හි සිදුකළ මෑත කාලීන වෙනස්කම් පිළිබඳ අසතුටුදායක ට්විටර් පරිශීලකයින් Threads සඳහා ආකර්ෂණය කර ගත හැකි බවද මෙම ඇප් හි නිර්මාපකයින් පවසයි.

නමුත් Threads සම්බන්ධයෙන් අදහස් දක්වමින් Twitter ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසන්නේ Twitter අනුකරණය කරමින් app නිර්මාණය කිරීමට උත්සහා කලද පරිශීලකයින්ට “කිසිදා Twitter හි අනුපිටපත් අවශ්‍ය නොවන බවයි.

Threads පරිශීලකයින්ට අක්ෂර 500ක් දක්වා අදහස් පළ කිරීමට ඉඩ ලබා දෙන අතර Twitter හා සමාන බොහෝ විශේෂාංග ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...