ඔවුහු විරෝධයේ ගී හඩ මරා දැමූහ

Share post:

2003 දී, වයස අවුරුදු 17 ක් වූ Haacaaluu Hundeessaa නැමති අර්ධ තරුණයා, එවකට ඉතියෝපියාවෙි තහනම් කරන ලද ජාතිකවාදී සංවිධානයක් වන ඔරොමෝ විමුක්ති පෙරමුණට (ඕඑල්එෆ්) සහාය දීමෙි චෝදනා මත වසර 5 කට සිරගෙයට යවන ලදී. බන්ධනාගාරය හකාලූගේ අධිෂ්ඨානය බිඳ දැමුවේ නැත. එය ඔහුව උසස් සංගීත දක්ෂතා සහ තමා බවට පත් වූ සංස්කෘතික හා දේශපාලන නිරූපකය බවට පත් කළේය. එය ඔහුගේ අනන්‍යතාවයට සම්බන්ධ නිරවද්‍යතාවය සහ අනාරක්ෂිත බව තේරුම් ගැනීමට ඔහුට උපකාරී විය, සිරගෙය ඉතියෝපියානු ඉතිහාසය කියවීමට ඔහුට කාලය ලබා දුන්නේය, වසර පහකට පසු හේ නිදහස් විය.

2009 දී, හකාලූ සිය පළමු ඇල්බමය වන සන්යියා මූටි (රාජකීයත්වය) සමඟින් ඉතියෝපියාවේ සංගීත ක්ෂේත්‍රයට පිවිසියේය. බොහෝ පද රචනා සිරගෙය තුල කළ එය, වාර්තාගත ආදායමක් උපයමින් 22 හැවිරිදි තරුණයා ඉතියෝපියාවෙි ජාතික තාරකාවක් බවට පත්කළේය.

2015 ජුනි මාසයේදී ඔහුගේ විශ්මය ජනක තනි ගීත ඇල්බමය වන මාලන් ජිරා (Maalan Jira) (මගේ පැවැත්ම කුමක්ද) නිකුත් කළ අතර එහිදී ඔහු ඔරොමෝ ජනතාවගේ ඉතිහාසය හා වර්තමාන කතාව විශ්මය ජනක ගැඹුරකින් සංක්ෂිප්ත කරයි. මෙම ගීතය ඉතියෝපියානු ප්‍රාන්තය තුළ ඔරොමෝ හි අස්ථිර පැවැත්ම පිළිබඳ ජනවාර්ගික සටහනක් වූ අතර අඩිස් අබාබා(Addis Ababa) නුවර අවට සිටි 150,000 කට අධික ඔරොමෝ ගොවීන්(Promo farmers) ඉඩමිවලින් ඉවත් කිරීමට හේතු වූ බැහැර කිරීම් සහ කඩාකප්පල් කිරීම් පිළිබඳ අත්දැකීම් ගැන ඔහු ගායනා කළේය.

නැගෙනහිර අප්‍රිකාවේ බොහෝ කලාකරුවන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේම විශිෂ්ට ජයග්‍රහණයක් දැක ගත නොහැක. එහෙත් ඉතියෝපියාවෙි
සමකාලීන ඔරොමෝ සංගීතයේ ප්‍රතිරෝධයේ අවිවාදිත රජු වන හකාලූ හුන්ඩීසාට එය එසේ නොවීය. හකාලුගේ ගීතවල පුපුරන සුලු බලපෑම එයයි. ඔහුගේ ඔරොමෝ ප්‍රජාව තුළ දේශපාලන විමුක්තිය සඳහා වූ ඔවුන්ගේ අරගලයට එකී ගී අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකූහ.

2015-2018 ඔරොමෝ විරෝධතා ගී සහ. ඉතියෝපියාවෙි නොසලකන ලද සුලු ජනවර්ගයක්වූ ඔරොමෝ ජනතාවගේ පැහැදිලි හා නිශ්චිත හඩද දිශාවද Haacaaluu Hundeessaa නමි වූ මෙි ගායකයාම විය. ඔහු යන මාර්ගය නිදහසේ මාර්ගයලා ඔවුන් සැලකීය.

ඔනෑම පසුගාමී රාජ්‍යයක මෙන් ජනතා විරෝධය ඉතියෝපියනු පසුගාමී දේශපාලන ව්‍යූහය තුලද කල්කදුරු විය. එබැවින් පසුගිය ජුනි 29 වන දින අඩිස් අබාබාහිදී නාඳුනන ප්‍රහාරකයින් විසින් හකාලූව වෙඩිතබා ඝාතනය කරන විට ඉතියෝපියාවට කැපී පෙනෙන දක්ෂ සංගීතඥයෙකු පමණක් නොව දේශපාලන හා සංස්කෘතික නිරූපකයකුද අහිමි විය. , විශේෂයෙන් ඉතියෝපියාවේ ඔරොමෝ බහුතර කලාපය වන ඔරොමියාහි එය ශෝකයේ කම්පන තරංග යැවූ අතර අඩිස් අබාබා සහ වෙනත් තැන්වල විශාල විරෝධතාවන්ට මාවත් විවර කලේය. ජනවාර්ගික කණ්ඩායම් 80 කට වැඩි ගණනකින් සමන්විත රටක නොසන්සුන්තාව වැඩි කිරීමට ද මෙය ප්‍රබල හේතුවක් ජනිත කර තිබෙි . රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ, මර්දනයට එරෙහි සාමකාමී දේශපාලන අරගලයකට අනුබල දුන් සහ විශාල දේශපාලන වෙනසකට මග පෑදූ අති දක්ෂ කලාකරුවෙකුගේ මරණය ගැන ඉතියෝපියාවේ මිලියන ගණනක් ශෝක වන අතර ගායකයාගේ ඝාතණයෙන් පසු ඇතිවු ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් ඇති අතර, ඔරොමෝ ප්‍රජාවට සහය දක්වන විරුද්ධ පක්ෂවල ප්‍රමුඛ පුද්ගලයින් වන ජාවාර් මොහොමඩ්, බෙකෙල් ගර්බා, ෂිගුට් ගෙලෙටා(Jawar Mohamed, Bekel Garba, Shigut Galetta) සහ තවත් 1000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මෙි සියල්ල සිදුවන්නේ ඉතියෝපියාවෙි ඔරාමෝ ජාතිකයකු අගමැතිව සිටින විට බව පැවසීම ලැජ්ජාවට කරුනකි ඔවු ! ඔරොමෝ ජාතික අබී අහමඩ් Abi Ahmed) ඉතියෝපියාවේ අගමැතිවරයාය.

ප්‍රදීප් පිරිස් (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...