චමරි එක්දින පිටියේ අංක 01 ට එයි

Share post:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

නවසීලන්තයට එරෙහිව ඊයේ(03) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත.

චමරි අතපත්තු ලකුණු 758 ක් රැස් කරගෙන ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට පත්ව ඇත.

එක්දින තරග 95 කදී ලකුණු 3199 ක් රැස් කරගෙන සිටින චමරි ශතක 08 ක් අර්ධ ශතක 15 ක් ලබා සිටී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...