අමාමී සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි !

Share post:

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමී ව්‍යාපාරය, වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවඳ කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින අමාමී නිෂ්පාදන (0777 576 639) සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. මෙම සියලු නිෂ්පාදන දේශීය අමුදව්‍යවලින් මෙරටදීම නිපදවන අතර අමාමී කර්මාන්තශාලාවේ පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත.

‘වසර තිහක් අඛණ්ඩව ව්‍යාපාරයක් දියුණු කරමින් පවත්වා ගෙන ඒම ලංකාව වගේ රටක විශාල අභියෝගයක්. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්‍යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. ඒ වගේම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු වැඩි පිරිසකට රැකියා දෙමින් පවුල් රැසකට ශක්තියක් වෙන්න ව්‍යාපාරයක් හැටියට අපට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට ආ අපේ ව්‍යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්‍රධානම ශක්තිය ආදරණීය බිරිඳ වෛද්‍ය ප්‍රියානි ද සිල්වා, මගේ ව්‍යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ට, පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.’

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා එසේ පැවසීය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...