අමාමී සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි !

Share post:

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමී ව්‍යාපාරය, වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන්, සුවඳ කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින අමාමී නිෂ්පාදන (0777 576 639) සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. මෙම සියලු නිෂ්පාදන දේශීය අමුදව්‍යවලින් මෙරටදීම නිපදවන අතර අමාමී කර්මාන්තශාලාවේ පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත.

‘වසර තිහක් අඛණ්ඩව ව්‍යාපාරයක් දියුණු කරමින් පවත්වා ගෙන ඒම ලංකාව වගේ රටක විශාල අභියෝගයක්. සංචාරක හෝටල්වලට පැමිණෙන සංචාරකයන් උදෙසා සුවඳවත් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සපයමින් අපි අපේ ව්‍යාපාරයේ විශිෂ්ටත්වය තහවුරු කළා. ඒ වගේම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු වැඩි පිරිසකට රැකියා දෙමින් පවුල් රැසකට ශක්තියක් වෙන්න ව්‍යාපාරයක් හැටියට අපට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී අපි ආයුර්වේද නිෂ්පාදන රැසකුත් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. පියවරින් පියවර ඉදිරියට ආ අපේ ව්‍යාපාරයේ වගකීම් මගේ දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් දැන් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්‍රධානම ශක්තිය ආදරණීය බිරිඳ වෛද්‍ය ප්‍රියානි ද සිල්වා, මගේ ව්‍යාපාර දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ට, පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.’

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා එසේ පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...