සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි.

Share post:

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත”සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින විධායක ශ්‍රේණියේ අති විශිෂ්ඨ සම්මානය ඇතුලු රන් සම්මාන 4ක් රිදී සම්මාන 02ක් ලෝකඩ සම්මාන 2ක් ඇතුළු සම්මාන 09ක් දිනා ගැනීමට සමත් විය.

බැංකු නොවන මුල්යා සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය (Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් තරග කළ අතර එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony2022/2022 සම්මාන උළෙල පවත්වන ලද්දේ 21 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ පස්වන වර්ෂය මෙය වේ.

2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 05 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩා ප්‍රකාශ කළේ “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වන බවයි. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කළේය.

අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමය භාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවද විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩා ප්‍රකාශ කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...