සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි.

Share post:

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත”සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින විධායක ශ්‍රේණියේ අති විශිෂ්ඨ සම්මානය ඇතුලු රන් සම්මාන 4ක් රිදී සම්මාන 02ක් ලෝකඩ සම්මාන 2ක් ඇතුළු සම්මාන 09ක් දිනා ගැනීමට සමත් විය.

බැංකු නොවන මුල්යා සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය (Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් තරග කළ අතර එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony2022/2022 සම්මාන උළෙල පවත්වන ලද්දේ 21 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ පස්වන වර්ෂය මෙය වේ.

2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 05 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩා ප්‍රකාශ කළේ “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වන බවයි. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කළේය.

අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමය භාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවද විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩා ප්‍රකාශ කළේය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...