කරන්නේ කුමක්ද යනුවෙන් තවමත් පැහැදිලි නැති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු කුමක්ද ?

Share post:

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය ඊයේ (28) විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරිණි.

එහිදී එය ඒකමතිකව අනුමත වී ඇති අතර ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනාවලිය අද ජුනි 2 සහ හෙට 30 යන දිනවල පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් එළැඹෙන ජූලි 01 වැනිදා සහ 02 වැනිදා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත් නියමිතය.

පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවද එහිදී ඔහු පවසා සිටියේය.

කෙසේවෙතත් ජනාධිපති වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති රැස්වීමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනාවලිය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් දැනුවත් කර ඇත.

එමෙන්ම රූපවාහිනි නාලිකාවක වැඩසටහනට එක් වෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් බැංකු ගනුදෙනුකරුවන් කලබල නොවිය යුතු බවය.

හර්ෂ ද සිල්වා කියන කතාව

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ දේශීය ණය ප්‍රමාණය හරි ආකාරයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකි වුවොත් පොලී අනුපාත පහළ යනු ඇති බවයි.

ව්‍යාපාරිකයන්ට ඒ හරහා සහනයක් ලැබෙන බවද එහෙත් මේ සියල්ල තීරණය වන්නේ රජයේ යෝජනාවලිය අනුව බවද ඔහු පෙන්වාදෙයි.

ණය ප්‍රතිව්‍යූහගතකරණය යනු කුමක්ද?

ණය ප්‍රතිව්‍යූහගතකරණය යනු රටක පවතින දේශීය සහ විදේශීය ණය සැකැස්ම වෙනස් කිරීම වන අතර බොහෝ රටවල් විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ අර්බුදකාරී අවස්ථාවන්හි ණය ප්‍රතිව්‍යූහගතකරණයට යොමුවෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නා අවස්ථාවේදී දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බව වාර්තා විය.

ණය ප්‍රතිව්‍යූහගතකරණය ප්‍රධාන වශයෙන් ආකාර තුනකට සිදුකරන අතර, පවතින ණය පොලී අනුපාතිකය වෙනස් කරගැනීම, ණය ගෙවීමේ කාලය දීර්ඝ කරගැනිම සහ ණය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් කපාහැරීම සඳහා එකඟතාවන්ට පැමිණීම එයින් ප්‍රධාන ආකාර වේ.

දේශීය වශයෙන් රජය ලබාගෙන ඇති බැංකු ණය, දේශීය අරමුදල් සංචිතවලින් ලබාගෙන ඇති ණය, බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හරහා ලබාගෙන ඇති දේශීය ණය ඒ අතර වේ. මෙලෙස පවතින දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ ණය පොලී අනුපාතිකය අඩුකරගැනීම හෝ ණය කපාහැරීම වැනි පියවරකට රජය පෙලඹුනහොත් එය මෙරට බැංකු පද්ධතියට සහ ජනතාවට දැඩිලෙස බලපාන ගැටළුවක් වීම වැළැක්විය නොහැකිය.

නමුත් රජය මේ වනවිට එකී පියවර සඳහා නොපෙළඹෙන බවට පොරොන්දු වී තිබුණද ඒ හැරෙන්නට ඇති විකල්පය වන ණය කාලය දීර්ඝ කිරීම සිදුකරත්, එයද පවතින උද්ධමනය යටතේ මුදලේ අගය අඩුවීම මත අහිතකරව බලපෑමක් ඇතිවිය හැකි තත්වයකි. කෙසේ වුවද තවමත් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන ආකාරය පැහැදිලිව ප්‍රකාශකර නැත.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...