ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 100 ක්

Share post:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 21 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් හා නිලධාරීන් 56 දෙනෙකුගෙන් සමන්විත සමස්ත කණ්ඩායමක් සහභාගී කිරීමට අපේක්‍ෂා කරන බව ජාතික ක්‍රීඩා සභාව පවසයි.

චීනයේ ‘‘හන්ජෝ’’ නුවර දී ලබන සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වේ.

වසර 2022 දී පැවැත්වීමට නියමිතව තිබිය දී එය වසරකින් ඉදිරියට කල් දමනු ලැබුවේ චීනයේ නැවත කොවිඩ් වසංගතය පැතිරයාමේ තත්වයක් හේතුවෙනි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසා සිටියේ රටේ උද්ගතව තිබෙන ආර්ථික අවපාතය හමුවේ වුව ද ආසියානු ක්‍රීඩා තරග සංචාරය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීමට ජාතික ක්‍රීඩා සභාව කටයුතු කරන බවයි.

එහෙත් ඒ සඳහා අනවශ්‍ය ලෙස නිලධාරීන් සහභාගී වීම ජාතික ක්‍රීඩා සභාව විසින් වළක්වන බව ද එහිදී සභාපතිවරයා පවසා සිටියේය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...