ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 100 ක්

Share post:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 21 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් හා නිලධාරීන් 56 දෙනෙකුගෙන් සමන්විත සමස්ත කණ්ඩායමක් සහභාගී කිරීමට අපේක්‍ෂා කරන බව ජාතික ක්‍රීඩා සභාව පවසයි.

චීනයේ ‘‘හන්ජෝ’’ නුවර දී ලබන සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වේ.

වසර 2022 දී පැවැත්වීමට නියමිතව තිබිය දී එය වසරකින් ඉදිරියට කල් දමනු ලැබුවේ චීනයේ නැවත කොවිඩ් වසංගතය පැතිරයාමේ තත්වයක් හේතුවෙනි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසා සිටියේ රටේ උද්ගතව තිබෙන ආර්ථික අවපාතය හමුවේ වුව ද ආසියානු ක්‍රීඩා තරග සංචාරය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීමට ජාතික ක්‍රීඩා සභාව කටයුතු කරන බවයි.

එහෙත් ඒ සඳහා අනවශ්‍ය ලෙස නිලධාරීන් සහභාගී වීම ජාතික ක්‍රීඩා සභාව විසින් වළක්වන බව ද එහිදී සභාපතිවරයා පවසා සිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...