DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පාපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපදවූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි.

එම ටයර් දැන් සියලුම ටයර් අලෙවිසැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් පාපැදි සඳහා සාමාන්‍ය පාපැදි ටයර් භාවිතය සුදුසු නොවන අතර ඊටම සුවිශේෂ ලෙස නිපදවූ ටයර් යෙදිය යුතුය. DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි සඳහාම නිපදවන ටයර් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේද ඉහළ ඉල්ලුමක් ඇත.

ඉලෙක්ට්‍රික් පාපැදි සාමාන්‍ය පාපැදිවලට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා මෙන්ම එහි ස්වයංක්‍රීය භාවිතය වැඩි නිසා පාපැදියේ ස්වයං ධාවනය සහ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව සඳහා ඊටම විශේෂයෙන් නිර්මාණය කළ ටයර් භාවිත කළ යුතුය. ඉලෙක්ට්‍රික් පාපැදි තවමත් ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් බැවින් ඒවායේ නිවැරදි භාවිතය පිළිබඳව ජනතාවට ඇත්තේ අඩු අවබෝධයකි. මෙම ටයර් සාමාන්‍ය ටයර්වලට වඩා ශක්තිමත්ය. පාපැදියේ තිරිංග භාවිතය හා වේග පාලනය පහසු කරන තාක්ෂණික ගුණාංගවලින් සමන්විතව DSI Tyres සමාගම ඉලෙක්ට්‍රික් පාපැදි ටයර් නිෂ්පාදනය කෙරෙයි.

DSI Tyres සමාගම ශ්‍රී ලාංකේය පාපැදි ටයර් වෙළෙඳපොළේ 95%කට වඩා වැඩි වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියමින් අංක 1 ස්ථානයේ අඛණ්ඩව රැඳී සිටින්නේ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ පාපැදි ටයර් නිපදවීම නිසාය.

එසේම ලොව පුරා රටවල් 85කට වැඩි ප්‍රමාණයකට DSI Tyres ටයර් අපනයනය කරයි.

‘DSI Tyres රට තුළ පාපැදි භාවිතය පිළිබඳ කතිකාවක් ඇති වෙන්න බොහෝ කලකට පෙර සිටම පාපැදි භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළා. ඉලෙක්ට්‍රික් පාපැදිවලට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් ඉහළ ටයර් මෙරට වෙළෙඳපොළට ප්‍රථම වරට ඉදිරිපත් කිරීම අපට මෙන්ම රටටත් අභිමානයක්.’

DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ එසේ පැවසීය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...