ශ්‍රී ලංකාව – ස්කොට්ලන්තය තරග බිමේ

Share post:

සිම්බාබ්වේහිදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අතර අද (27 වැනිදා) බුලවායෝහිදී පැවැත්වීමට නියමිතය.

ස්කොට්ලන්තය මෙතෙක් මුහුණ දුන් තරග අතර පසුගිය 21 වැනිදා අයර්ලන්තය සමග පැවැති තරගය එක් කඩුල්කින් ජයග්‍රහනය කළ අතර 23 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 111 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේය.

එමෙන්ම 25 වැනිදා ඕමානයට එරෙහිව ලකුණු 76 ක් ජයක් වාර්තා කළ ස්කොට්ලන්තය අපරාජිතව අද ශ්‍රී ලංකාව සමග තරගයට එකතු වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවද මෙතෙක් මුහුණ දුන් සියළු තරග ජයග්‍රහනය කරමින් අපරාජිතව අද තරගයට එක් වෙයි.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත පිල ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරා ගත් අතර මේ වනවිට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන සිටින්නේ පන්දුවාර 5 කට මුහුණ දෙමිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...