පුංචි ඡන්දය මාර්තු 20 වැනිදාට කළින් : මැකෝ සහතික වෙයි

Share post:

වසර 2022 මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමට නොහැකි බවට විවිධ මත පළ වෙමින් තිබුණද, ඊට කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා පවසා තිබිණි.

මේ අතර ඊයේ ( නොවැම්බර්15) සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කළේය.

ඒ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම අවස්ථාවට සහභාගී වූ මෙම පිරිස පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ ලිපියක් ද භාරදී තිබුණි.

Related articles

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...