ප්‍රිගෝශින් නම් කාල බෝම්බය…

Share post:

OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල, Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ කියල හිතපු ‘ටයිටැනික්’ අපරාජිත බවේම තමයි ඒකෙ පරාජය රැඳිලා තිබ්බේ.

මේ වගේ හැම දෙයකම ශක්තිමත් කියල හිතන අන්තර්ගතය ඇතුලෙම එහි සිතාගත නොහැකි දුර්වලතාව ගැබ්ව පවතිනවා කියල කිව්වේ ඉතාම වැදගත් ජර්මන් විඥාණවාදියෙක් වෙච්ච ෆ්‍රෙඩ්රික් හේගල්.

යමක් යම් විදියකට නිර්මාණය වෙනකොටම ඒ නිර්මාණය ඇතුලේ තියනවා එහි විනාශයේ බීජය. පෙරදිග දර්ශනවාද වලත් මේක කියවෙනවා.

මම මීට කලින් ලියල තියනවා වගේ මහින්ද මහත්තයට දේශපාලනය ඇතුලේ ගොඩක් හයියක් උණේ එයාගේ විස්තෘත පවුල. හැබැයි එයාගේ දේශපාලනය ගොඩක් විවේචනයට ලක්වෙන්න බලපෑවෙත් ඒ විශාල පවුලම තමයි. මේක තමයි ශක්තිය කියල අපි හිතන දේවල්වල ස්වභාවය.

දැන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත්තම එයාගේ ලොකුම හයිය උනේ එයාගේ වටේ හිටපු කුලී හමුදා ඛණ්ඩය (mercinaries). ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ හේවා කණ්ඩායම් වල ”සේවය” වෙනුවෙන් ගෙවීමක් කරලා තියනවා. වැග්නර් ඔෆිස් එකේ තිබිල ඊයේ පවුම් ලක්ෂ ගාණක් හොයාගෙනත් තියනවා.

ඔය පුටින්ට එරෙහිව කියන කැරළි ගැහුවා කියන වැග්නර් කණ්ඩායමේ යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) කියන්නෙත් පුටින්ගේ ලඟින්ම වැඩකරපු කුලී හේවා ප්‍රවර්ගයට වැටෙන කෙනෙක්. නිල හමුදාවක සාමාජිකයෙක්ගෙන් කරගන්න බැරි වැඩ පුටින් මෙයාලගෙන් කරගෙන තියනවා. ඒ වගේම යුක්‍රේන් යුද්දය ඇතුළෙත් ප්‍රිගෝශින් සෑහෙන වැඩක් කරලා තියනවා. ඒක තමයි වැග්නර් කණ්ඩායමේ නම නිතරම ගෝලීය මාධ්‍යවල කියවුනේ.

කොහොම උනත් ඊයේ වෙනකොට පුටින්ට සිද්ද වෙනවා ප්‍රිගෝශින් එක්ක යම් එකඟතාවකට එන්න. වැග්නර් කණ්ඩායමේ කැරැල්ල නැවත්තුවොත් විතරක් එයාලට එරෙහි චෝදනා අමතක කරන්න පුටින් එකඟ වෙනවා. එහෙම එකඟ වෙලා ප්‍රිගෝශින් බෙලාරුස් යනවා.

මින් කියවෙන්නේ වැග්නර් කණ්ඩායම යම් බලවත් තැනක ඉන්නවා කියන එක. අවම වශයෙන් යුක්රේන සතුරෙකුත් දැන් දොරකඩ ඉන්න එකේ රුසියානු බල කඳවුර ඇතුලේ කචල් උනොත් ඔක්කොම සුං නිසා මේ එකඟතාව පුටින්ගේ පැත්තෙන් වැදගත්.

හැබැයි මේ විරසක වීම නිසා කවදාවත් අර පරණ හොඳ හිත නම් ඇතිවෙන්නේ නැහැම තමයි.

මම හිතන්නේ නැහැ පුටින් ආයේ වැග්නර් කණ්ඩායම ඉස්සර විශ්වාස කරපු විදියට නැවත විශ්වාස කරයි කියල. කොහොමත් බලය සහ සල්ලි එක්ක ලොකු විශ්වාසකම් පවත්වන්න බැහැ කියල මේ ඔක්කොමල දන්නවා.

ඒ නිසා මරණ දෙකක් නෙවෙයි ගොඩක් තියෙන පුටින්ට ඉන්න වෙලා තියෙන්නේ ප්‍රිගෝශින් කියන කාල බෝම්බය පිටේ බැඳගෙන….

මහේෂ් හපුගොඩ

Image@CNN

Related articles

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...