ප්‍රිගෝශින් නම් කාල බෝම්බය…

Share post:

OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල, Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ කියල හිතපු ‘ටයිටැනික්’ අපරාජිත බවේම තමයි ඒකෙ පරාජය රැඳිලා තිබ්බේ.

මේ වගේ හැම දෙයකම ශක්තිමත් කියල හිතන අන්තර්ගතය ඇතුලෙම එහි සිතාගත නොහැකි දුර්වලතාව ගැබ්ව පවතිනවා කියල කිව්වේ ඉතාම වැදගත් ජර්මන් විඥාණවාදියෙක් වෙච්ච ෆ්‍රෙඩ්රික් හේගල්.

යමක් යම් විදියකට නිර්මාණය වෙනකොටම ඒ නිර්මාණය ඇතුලේ තියනවා එහි විනාශයේ බීජය. පෙරදිග දර්ශනවාද වලත් මේක කියවෙනවා.

මම මීට කලින් ලියල තියනවා වගේ මහින්ද මහත්තයට දේශපාලනය ඇතුලේ ගොඩක් හයියක් උණේ එයාගේ විස්තෘත පවුල. හැබැයි එයාගේ දේශපාලනය ගොඩක් විවේචනයට ලක්වෙන්න බලපෑවෙත් ඒ විශාල පවුලම තමයි. මේක තමයි ශක්තිය කියල අපි හිතන දේවල්වල ස්වභාවය.

දැන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත්තම එයාගේ ලොකුම හයිය උනේ එයාගේ වටේ හිටපු කුලී හමුදා ඛණ්ඩය (mercinaries). ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ හේවා කණ්ඩායම් වල ”සේවය” වෙනුවෙන් ගෙවීමක් කරලා තියනවා. වැග්නර් ඔෆිස් එකේ තිබිල ඊයේ පවුම් ලක්ෂ ගාණක් හොයාගෙනත් තියනවා.

ඔය පුටින්ට එරෙහිව කියන කැරළි ගැහුවා කියන වැග්නර් කණ්ඩායමේ යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) කියන්නෙත් පුටින්ගේ ලඟින්ම වැඩකරපු කුලී හේවා ප්‍රවර්ගයට වැටෙන කෙනෙක්. නිල හමුදාවක සාමාජිකයෙක්ගෙන් කරගන්න බැරි වැඩ පුටින් මෙයාලගෙන් කරගෙන තියනවා. ඒ වගේම යුක්‍රේන් යුද්දය ඇතුළෙත් ප්‍රිගෝශින් සෑහෙන වැඩක් කරලා තියනවා. ඒක තමයි වැග්නර් කණ්ඩායමේ නම නිතරම ගෝලීය මාධ්‍යවල කියවුනේ.

කොහොම උනත් ඊයේ වෙනකොට පුටින්ට සිද්ද වෙනවා ප්‍රිගෝශින් එක්ක යම් එකඟතාවකට එන්න. වැග්නර් කණ්ඩායමේ කැරැල්ල නැවත්තුවොත් විතරක් එයාලට එරෙහි චෝදනා අමතක කරන්න පුටින් එකඟ වෙනවා. එහෙම එකඟ වෙලා ප්‍රිගෝශින් බෙලාරුස් යනවා.

මින් කියවෙන්නේ වැග්නර් කණ්ඩායම යම් බලවත් තැනක ඉන්නවා කියන එක. අවම වශයෙන් යුක්රේන සතුරෙකුත් දැන් දොරකඩ ඉන්න එකේ රුසියානු බල කඳවුර ඇතුලේ කචල් උනොත් ඔක්කොම සුං නිසා මේ එකඟතාව පුටින්ගේ පැත්තෙන් වැදගත්.

හැබැයි මේ විරසක වීම නිසා කවදාවත් අර පරණ හොඳ හිත නම් ඇතිවෙන්නේ නැහැම තමයි.

මම හිතන්නේ නැහැ පුටින් ආයේ වැග්නර් කණ්ඩායම ඉස්සර විශ්වාස කරපු විදියට නැවත විශ්වාස කරයි කියල. කොහොමත් බලය සහ සල්ලි එක්ක ලොකු විශ්වාසකම් පවත්වන්න බැහැ කියල මේ ඔක්කොමල දන්නවා.

ඒ නිසා මරණ දෙකක් නෙවෙයි ගොඩක් තියෙන පුටින්ට ඉන්න වෙලා තියෙන්නේ ප්‍රිගෝශින් කියන කාල බෝම්බය පිටේ බැඳගෙන….

මහේෂ් හපුගොඩ

Image@CNN

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...