පුරප්පාඩු එකයි : අගවිනිසුරුගෙන් – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට අලුත් විනිසුරු යෝජනා 2ක් !

Share post:

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ.

මෙම නම් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇත. රුවන් ප්‍රනාන්දු විනිසුරුවරයා විශ්‍රාම ගැනීමත් සමග අභියාචනාධිකරණයේ මෙම පුරප්පාඩුව ඇති විය.

මෙම පුරප්පාඩුව සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ පාර්ශ්වයෙන් මහාධිකරණ විනිසුරු චමත් මොරායස්ගේ නම යෝජනා කර ඇත. මහාධිකරණ විනිසුරු නම ලේඛනයේ ඉහළින් ම සිටින විනිසුරුවරයා මොරායස් බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මර්ග සඳහන් කරයි.

නීතිපති සංජය රාජරත්නම්ගේ පාර්ශ්වයෙන් මෙම පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලවගේ නම යෝජනා කර තිබේ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් මෙම නම් දෙක, ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති අතර, එමගින් අවසාන තීන්දුව ගත යුතුය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...