පුරප්පාඩු එකයි : අගවිනිසුරුගෙන් – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට අලුත් විනිසුරු යෝජනා 2ක් !

Share post:

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ.

මෙම නම් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇත. රුවන් ප්‍රනාන්දු විනිසුරුවරයා විශ්‍රාම ගැනීමත් සමග අභියාචනාධිකරණයේ මෙම පුරප්පාඩුව ඇති විය.

මෙම පුරප්පාඩුව සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ පාර්ශ්වයෙන් මහාධිකරණ විනිසුරු චමත් මොරායස්ගේ නම යෝජනා කර ඇත. මහාධිකරණ විනිසුරු නම ලේඛනයේ ඉහළින් ම සිටින විනිසුරුවරයා මොරායස් බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මර්ග සඳහන් කරයි.

නීතිපති සංජය රාජරත්නම්ගේ පාර්ශ්වයෙන් මෙම පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලවගේ නම යෝජනා කර තිබේ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් මෙම නම් දෙක, ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති අතර, එමගින් අවසාන තීන්දුව ගත යුතුය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...