තීරණාත්මක සතියක් : කොළඹින් පිටවෙන්න එපා – රනිල් ආණ්ඩු පක්ෂය කැඳවයි : හදිසි පාර්ලිමේන්තු  සැසියක් : කිසි ප්‍රශ්නයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Share post:

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ය. මෙහිදී ආණ්ඩු පක්ෂය තුළ ඇති වී තිබෙන විසංවාදී තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයාට සමීප පාර්ශ්ව සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂය තුළින් ම ප්‍රබල විරෝධයක් මතුව ඇති අස්වැසුම සුබසාධන ක්‍රමය, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ යුරෝපා සංචාරයෙන් මෙරට ට අත්වූ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෙම හමුවේදී අවධානය යොමුකිරීමට නියමිත ය.

නව ඇමති ධුර

ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  කණ්ඩායමට ඇමති ධුර ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේ අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ ලබන 28දා සිට 03 දක්වා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳීසිටින ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

හදිසි සැසිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කරගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමේ සූදානමක් ද පවතී. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇති බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් රාජ්‍ය බැංකු සහ විශේෂිත අරමුදල් විසින් මිලට ගත් බැඳුම්කර හා බිල්පත්වල පොලිය අඩුකිරීම හෝ ණය කාලය දීර්ඝ කිරීමට ඉඩ ඇති බව ද සඳහන් ය.

මේ සඳහා වන රෙගුලාසි පාර්ලිමේන්තුවෙන් අනුමත කරගැනීම සඳහා මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම කැඳවා තිබේ. මෙහිදී මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ණය වාරිකය

මෙම අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ලබන සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිත එම අරමුදලේ මීළඟ ණය වාරිකය ප්‍රමාද වනු ඇතැයි ද මීට පෙර වාර්තා පළ විය. ඊට හේතුව ලෙස සඳහන් වූයේ අදාළ කොන්දේසි ඉටුකිරීම ප්‍රමාද වීම ය.

‘ප්‍රශ්නයක් නෑ’

එහෙත් මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පැවසුවේ එහි කිසිදු ප්‍රමාදයක් සිදුනොවනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් දැනටමත් අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...