පොලිස්පති ධුරය සඳුදා හිස් වෙයි : දේශබන්දු ගැන තීන්දුවත් එදාට ම!

Share post:

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සොයගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඊට අදාළ තීන්දුව අද (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල්තැබීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මීට අමතරව ඉකුත් වසරේ මැයි 9දා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන් නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය ලබන සඳුදා දක්වා කල්තබන ලදි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...