ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි

Share post:

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලය සංවිධානය කරනු ලැබු උත්සවයක් පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී 2022 ජාතික බොක්සිං ශුරතාවලියේ වසරේ හොදම බොක්සිං ක‍්‍රිඩිකාව වු නායක ගුවන් කාන්තා මල්ෂානි හට සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමිම ද සිදු කරන ලදි.

එමෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගි වු හා ජයග‍්‍රහන ලැබු රග්බි, මල්ලවපොර, බොක්සිං, ජුඩෝ, කැරමි, බිචි වොලිබෝල්, ස්කොෂ්, ටයිකෝඩෝ සහ පාපැදි ක‍්‍රීඩා කණ්ඩායම් සහ 2023 වසරේ 4 වන ලෝක ආරක්ෂක සේවා බිචි වොලිබෝල් තරගාවලියේදි කාන්තා අංශයේ අනුශූරයන් වු කෝප‍්‍රල් ප‍්‍රසාදිනි , කෝප‍්‍රල් තුෂාරි යන ක්‍රීඩිකාවන්ද එහිදී ඇගයීමට ලක් කෙරිණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ලෝක ආරක්ෂක සේවා බිච් වොලිබෝල් තරගාවලිය සාර්ථකව සංවිධානය කිරිම වෙනුවෙන් ලෝක ආරක්ෂක සේවා ක‍්‍රිඩා කවුන්සලය විසින් නිර්දේශ කරනු ලැබු නයිටි ගෞරව නාමය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ හා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ ලේකම් ගෲප් කැප්ටන් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු හට ප‍්‍රධානය කළේය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...