ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරයි

Share post:

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලය සංවිධානය කරනු ලැබු උත්සවයක් පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී 2022 ජාතික බොක්සිං ශුරතාවලියේ වසරේ හොදම බොක්සිං ක‍්‍රිඩිකාව වු නායක ගුවන් කාන්තා මල්ෂානි හට සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමිම ද සිදු කරන ලදි.

එමෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගි වු හා ජයග‍්‍රහන ලැබු රග්බි, මල්ලවපොර, බොක්සිං, ජුඩෝ, කැරමි, බිචි වොලිබෝල්, ස්කොෂ්, ටයිකෝඩෝ සහ පාපැදි ක‍්‍රීඩා කණ්ඩායම් සහ 2023 වසරේ 4 වන ලෝක ආරක්ෂක සේවා බිචි වොලිබෝල් තරගාවලියේදි කාන්තා අංශයේ අනුශූරයන් වු කෝප‍්‍රල් ප‍්‍රසාදිනි , කෝප‍්‍රල් තුෂාරි යන ක්‍රීඩිකාවන්ද එහිදී ඇගයීමට ලක් කෙරිණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ලෝක ආරක්ෂක සේවා බිච් වොලිබෝල් තරගාවලිය සාර්ථකව සංවිධානය කිරිම වෙනුවෙන් ලෝක ආරක්ෂක සේවා ක‍්‍රිඩා කවුන්සලය විසින් නිර්දේශ කරනු ලැබු නයිටි ගෞරව නාමය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ හා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ ලේකම් ගෲප් කැප්ටන් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු හට ප‍්‍රධානය කළේය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...