ජාතික මට්ටමට වඩා සාක්ෂරතාව බාගයයි – මරණ අනුපාතය දෙගුණයයි : කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් සංවිධාන 20ක් එක්වෙයි !

Share post:

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව මානව සංවර්ධන දර්ශකවල ඉදිරියට ඔසවා තැබීමට වෙහෙස වූ කඳුකර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සියලු ජනතාවගේ වගකීමක් බව කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් එහි සාමාජික ලලිත් අබේසිංහ අවධාරණය කළේය.

කඳුකර ජනතාවගේ සාක්ෂරතා මට්ටම ජාතික මටටමට වඩා අඩකින් අඩු බවත්, කඳුකර ජනතාව අතර මරණ අනුපාතය ජාතික මට්ටම මෙන් දෙගුණයක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ලලිත් අබේසිංහ අදහස් දක්වමින්…

ජීවත්වීමට, අනාගතය සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ඉටු කරගැනීමට අත්‍යවශ්‍ය වන ඉඩම් සහ නිවාස අයිතිය අහිමි කර ඇති මෙම ජනතාව, පරම්පරා අටක් තිස්සේ එසේ ජීවත් වීම සම්බන්ධයෙන් සමස්ත ජනතාව සමාව ඉල්ලා සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

ඉඩම් දිනයට සමගාමීව ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය දිනාගැනීම වෙනුවෙන් අද (21) හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලලිත් අබේසිංහ මේ අදහස් පළකළේය.

සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව සහ ඉන්පසු හැටන් නගරයේ පැවති පාගමන පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සඳහන් කළේ මෙය ඉතිහාසගත වරදක් නිවැරදි කරගැනීමේ අවස්ථාවක් බවයි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, වසර 200ක් තිස්සේ වෙහෙස වන මෙම කඳුකර ජනතාව වෙනුවෙන් ඉඩම් සහ නිවාස අයිතිය ලබා නොදී සිටීමට වතුකරය නියෝජනය කරමින් එම ජනතාව තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් දේශපාලනඥයන්, සමාගම් මෙන්ම ඇතැම් වෘත්තීය සමිති ද කටයුතු කළ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ජනතාවට ලබාදීමට කඳුකරයේ ඉඩම් හෙක්ටයාර 37,000ක් ඇතැයි වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත්, එහෙත් පසුව ඒවා සමාගම් ඇතුළු වෙනත් කණ්ඩායම්වලට ලබාදුන් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා සියලු ආණ්ඩුවලින් අසාධාරණයට පත් ජනතාවගේ මෙම අයිතිය ලබාදීම සඳහා සමස්ත ජනතාව එකට එක විය යුතු ව ඇතැයි ද චින්තක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු හැටන් නගරයේ පැවති පාගමනට විශාල පිරිසක් එක්ව සිටියහ.

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...