ජාතික මට්ටමට වඩා සාක්ෂරතාව බාගයයි – මරණ අනුපාතය දෙගුණයයි : කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් සංවිධාන 20ක් එක්වෙයි !

Share post:

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව මානව සංවර්ධන දර්ශකවල ඉදිරියට ඔසවා තැබීමට වෙහෙස වූ කඳුකර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සියලු ජනතාවගේ වගකීමක් බව කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් එහි සාමාජික ලලිත් අබේසිංහ අවධාරණය කළේය.

කඳුකර ජනතාවගේ සාක්ෂරතා මට්ටම ජාතික මටටමට වඩා අඩකින් අඩු බවත්, කඳුකර ජනතාව අතර මරණ අනුපාතය ජාතික මට්ටම මෙන් දෙගුණයක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ලලිත් අබේසිංහ අදහස් දක්වමින්…

ජීවත්වීමට, අනාගතය සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ඉටු කරගැනීමට අත්‍යවශ්‍ය වන ඉඩම් සහ නිවාස අයිතිය අහිමි කර ඇති මෙම ජනතාව, පරම්පරා අටක් තිස්සේ එසේ ජීවත් වීම සම්බන්ධයෙන් සමස්ත ජනතාව සමාව ඉල්ලා සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

ඉඩම් දිනයට සමගාමීව ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය දිනාගැනීම වෙනුවෙන් අද (21) හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලලිත් අබේසිංහ මේ අදහස් පළකළේය.

සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව සහ ඉන්පසු හැටන් නගරයේ පැවති පාගමන පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සඳහන් කළේ මෙය ඉතිහාසගත වරදක් නිවැරදි කරගැනීමේ අවස්ථාවක් බවයි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, වසර 200ක් තිස්සේ වෙහෙස වන මෙම කඳුකර ජනතාව වෙනුවෙන් ඉඩම් සහ නිවාස අයිතිය ලබා නොදී සිටීමට වතුකරය නියෝජනය කරමින් එම ජනතාව තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් දේශපාලනඥයන්, සමාගම් මෙන්ම ඇතැම් වෘත්තීය සමිති ද කටයුතු කළ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ජනතාවට ලබාදීමට කඳුකරයේ ඉඩම් හෙක්ටයාර 37,000ක් ඇතැයි වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත්, එහෙත් පසුව ඒවා සමාගම් ඇතුළු වෙනත් කණ්ඩායම්වලට ලබාදුන් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා සියලු ආණ්ඩුවලින් අසාධාරණයට පත් ජනතාවගේ මෙම අයිතිය ලබාදීම සඳහා සමස්ත ජනතාව එකට එක විය යුතු ව ඇතැයි ද චින්තක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවෙන් පසු හැටන් නගරයේ පැවති පාගමනට විශාල පිරිසක් එක්ව සිටියහ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...