මානව හිමිකම් පිළිබඳ එ.ජා. නව කොමසාරිස් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රශ්න කරයි : ක්‍රියාකාරී වාර්තාව 14ට පෙර !

Share post:

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ර‍ජයේ වගවීමේ ක්‍රියාවලිය කනගාටුදායක බවත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ඇතැම් යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් එම කොමිසමේ මහ කොමසාරිස් වොල්කර් ටුර්ක් ඊයේ (19) අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව ටුර්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ පළමු ප්‍රකාශය මෙයයි.

කොමිසමේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබේ.

ටුර්ක් පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද, සිය කොමිසමේ නියෝජිතයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බව ය.

පසුගිය වසර 10ක කාලය තුළ කොමිසමේ නියෝජිතයන් බොහෝදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත.

ඊයේ (19) ජිනීවාහිදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14 දක්වා පැවැත්වීමට නියමිත ය.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...