මානව හිමිකම් පිළිබඳ එ.ජා. නව කොමසාරිස් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රශ්න කරයි : ක්‍රියාකාරී වාර්තාව 14ට පෙර !

Share post:

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ර‍ජයේ වගවීමේ ක්‍රියාවලිය කනගාටුදායක බවත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ඇතැම් යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් එම කොමිසමේ මහ කොමසාරිස් වොල්කර් ටුර්ක් ඊයේ (19) අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව ටුර්ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ පළමු ප්‍රකාශය මෙයයි.

කොමිසමේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබේ.

ටුර්ක් පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්‍රතික්ෂේප කළද, සිය කොමිසමේ නියෝජිතයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බව ය.

පසුගිය වසර 10ක කාලය තුළ කොමිසමේ නියෝජිතයන් බොහෝදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත.

ඊයේ (19) ජිනීවාහිදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14 දක්වා පැවැත්වීමට නියමිත ය.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...