මුල් පිතිකරුවන් සිව්දෙනාගෙන් ම අර්ධ ශතක : වනිඳු කඩුලු 6කට වගකියයි : ලංකාවේ 355ට පිළිතුර ලකුණු 180ක් පමණයි !

Share post:

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 175ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 355ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දු වාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 6ක් සහ ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද බිඳහෙළීමට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනා ම අර්ධ ශතක වාර්තා කිරීම ද මෙහිදී සිදු වූ විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...