සීග්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමෙන් තවත් පරිත්‍යාගශීලී ක්‍රියාවක් !

Share post:

මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන්‚ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යළිත් පසක් කරමින් දිවයින පුරා පිහිටි ශාඛා රැසක් විසින් පොසොන් දන්සැල් රැසක් සංවිධානය කරන ලදී.

කළුතර‚ දිවුලපිටිය‚ වෙන්නප්පුව‚ මාවනැල්ල හා පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි ශාඛා මූලිකත්වයෙන් මෙම දන්සැල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කරමින් ඉතාමත් ආරක්ෂිතව සංවිධානය කර තිබිණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛණ්ඩව දන්සල් සහ පොසොන් උත්සවය නිසි අයුරින් පැවැත්වීමට වාතාවරණයක් නොවීම හේතුවෙන් මෙවර පොසොන් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබිණි. දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වී සිටියි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...