සීග්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමෙන් තවත් පරිත්‍යාගශීලී ක්‍රියාවක් !

Share post:

මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන්‚ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යළිත් පසක් කරමින් දිවයින පුරා පිහිටි ශාඛා රැසක් විසින් පොසොන් දන්සැල් රැසක් සංවිධානය කරන ලදී.

කළුතර‚ දිවුලපිටිය‚ වෙන්නප්පුව‚ මාවනැල්ල හා පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි ශාඛා මූලිකත්වයෙන් මෙම දන්සැල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කරමින් ඉතාමත් ආරක්ෂිතව සංවිධානය කර තිබිණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛණ්ඩව දන්සල් සහ පොසොන් උත්සවය නිසි අයුරින් පැවැත්වීමට වාතාවරණයක් නොවීම හේතුවෙන් මෙවර පොසොන් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබිණි. දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වී සිටියි.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...