ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් ජය රවිදු ලක්සිරි හා පකිස්ථාන් පැතොම් ඉසඩින් ට

Share post:

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය 2022 නොවැම්බර් මස 05 වන දින සිට 12 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්විණි .

ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ඉසව්වක් වන මෙම ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය සදහා දේශිය මෙන්ම විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණ සහභාගි විය.

මෙම තරඟාවලිය වයස අවුරුදු 13න් පහළ, අවුරුදු 15න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ ද පිරිමි සහ කාන්තා විවෘත, පිරිමි සහ කාන්තා ආධුනික අවුරුදු 35න් පහළ, අවුරුදු 40න් පහළ, අවුරුදු 45න් පහළ, සහ අවුරුදු 50න් ඉහළ යන කාණ්ඩ යටතේද තරග ඉසව් පැවැත්විණි.

එහිදී විවෘත ස්කොෂ් පිරිමි සහ කාන්තා අවසන් තරගය සදහා පිරිමි අංශයෙන් පකිස්ථාන ගූවන් හමුදාව නියෝජනය කරමින් ෆර්හාන් සමන් (Farhan Zaman ) හා ශ්‍රී ලංකා ක්‍රීඩක රවිදු ලක්සිරි තරග වැදුණු අතර එහිදි රවිඳු වට 3 ට 2ක් ලෙස ඔහු ජයග්‍රහනය කළේය.

එමෙන්ම කාන්තා අංශයේ අවසන් තරගය පැතොම් ඉසඩින් (Fathoum Issadeen) හා යෙහානි කුරුප්පු (Yeheni Kuruppu) අතර පැවති අතර එහිදි වට 3 ට 2ක් ලෙස පැතොම් ඉසඩින් (Fathoum Issadeen) ජය ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ස්කොෂ් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් පුජන ගුණතිලක, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල‍යේ ලේකම් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති මෙන්ම ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ තරග සංවිධාන කමිටුවේ සභාපති ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයයේ ලේකම් එරංග අල්විස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ක්‍රීඩා ලෝලින් විශාල පිරිසක් ද සහභාගි විය.

ෆර්හාන් සමන් (Farhan Zaman )
රවිදු ලක්සිරි (Ravindu Laksiri)
යෙහානි කුරුප්පු (Yeheni Kuruppu)
පැතොම් ඉසඩින් (Fathoum Issadeen)

Related articles

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...