ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් දැන් ලින්ක් සමහන් !

Share post:

CIC සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් (Link Natural), මෙරටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවාව (SriLankan Airlines) සමඟින් එක් වී ගුවන් යානය තුළදී මගීන්ට පිළිගැන්විය හැකි ශාකෞෂධීය පානයක් ලෙස ලින්ක් සමහන් හඳුන්වා දෙන ලදී.

ලින්ක් නැචුරල් යනු ආයුර්වේද ඖෂධවලට අමතරව ශාකෞෂධීය සෞඛ්‍ය සත්කාරක සහ ස්වසත්කාරක නිෂ්පාදනයන්හි මෙරටේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙක් සේම අලෙවිකරුවෙකි. එහි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, නිරෝගීබව සහ යහපැවැත්ම සඳහා දශක ගණනක් පුරාවට සම්ප්‍රදායිකව භාවිතා කරනු ලැබූ විශ්වාසනීය ආයුර්වේද ඖෂධ 14ක සාරයෙන් යුක්ත හා 100% ක්ම ස්වභාවික ශාකෞෂධීය පානයකි. එසේම එය නිතර පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද හැකියාවක් ඇත. පාරිභෝගිකයන්ගේ කැමැත්ත අනුව මෙය උණු වතුර, තේ, කෝපි ඇතුළු ඕනෑම උණුසුම් පානයක් සමග භාවිත කළ හැකි වීමද විශේෂත්වයකි.

නිරෝගීබව සහ යහපත් දිවිපැවැත්මකට උපකාරී වන ලින්ක් සමහන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව තුළ කෙටි ගුවන් ගමන් වලදී මෙන්ම දීර්ඝ ගුවන් ගමන් වලදීද මගීන්ට භුක්ති විඳීමට අවස්ථාව හිමිව තිබේ.

ලින්ක් නැචුරල්, නවීන මට්ටමේ පහසුකම් සහිත පුළුල් පරීක්ෂණ පදනම් කරගනිමින් උසස් ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන නිපදවන සමාගමක් වන අතර ජාතික සහ සහ ජාත්‍යන්තර වෙළඳපොළට ළඟාවන නිෂ්පාදන වල දැඩි තත්ත්ව පරීක්ෂාවක් සහ නියාමන ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද දැඩිව අවධානය යොමු කරනු ලබයි.

අද වන විට ලින්ක් සමහන් ලෝකයේ රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරනු ලබයි. ලොව පුරා පාරිභෝගිකයන්ගේ ද විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති ලින්ක් සමහන් ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකාවක වන නයෝමි කැම්බල්, වෝග් ඉන්දියා සඟරාව සමග මෑතකදී කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදී මෙම නිෂ්පාදනය පැසසුමට ලක් කර තිබීමද විශේෂත්වයකි.

ලින්ක් සමහන් ගෝලීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වන සාධනීය ගමන් මගෙහි සුවිශේෂී සංධිස්ථානයක් ලෙස ජපානයේ Costco වෙළඳසැල් ජාලය, මැද පෙරදිග Lulu සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Amazon,com යන සුපිරි වෙළඳ ජාල තුළ අලෙවිය සඳහා අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව මෙරටේ පාරිභෝගික ජනතාවට ලින්ක් නැචුරල් හි පුළුල් නිෂ්පාදන පෙළ පිළිබඳව නවමු අත්දැකීමක් ලබා දෙමින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණ රාශියක ප්‍රතිඵල ලෙසින්, ජාතික සහ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ තිඵලා, මසල්ගාඩ්, SP බාම් සහ කේශා ආදී නිෂ්පාදනවල නිවහන වන්නේ ලින්ක් නැචුරල් සමාගමයි. Earth Essence නම් වූ ශාකෞෂධීය ස්වසත්කාරක නිෂ්පාදන පෙළ, වෙළඳපොළ අතික්‍රමණය කළ ලින්ක් නැචුරල් හි තවත් නවතම හඳුන්වාදීමකි.

ලින්ක් නැචුරල් නිෂ්පාදන පිළිබඳව අදහස් දක්වමින් ලින්ක් නැචුරල් හි ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ කළමනාකාරිණී චතුරංගි පෙරේරා මෙසේ පැවසුවා.

“ලින්ක් සමහන් දැන් ගුවන් ගමනකදී ගුවන් මගීන් හට නව අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම සමහන් ගුවන් මගීන්ට ප්‍රත්‍යක්ෂ පූර්ණ සුවයක් හා සුවපහසු බවක් එක් කරන නිරෝගී ප්‍රතිලාභ අත් කර දෙන ඉතා වටිනා ඖෂධීය පානයක්. මෙම නිෂ්පාදනය කීර්තිමත් ශ්‍රී ලාංකික සන්නාමයක් ලෙස ගෝලීය වෙළඳපොළ වෙත අනාවරණය කිරීමට හැකි වීම අපගේ සමාගමට සහ ශ්‍රී ලංකාවට ආඩම්බරයට පත් විය හැකි කරුණක්”.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...