අනීතික අත්අඩංගුවට ගැනීම් : හෙට ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේදී විශේෂ අවධානයට !

Share post:

ජනතාවගේ සාමූහික අරගලය පැවති කාලය තුළ සහ ඉන්පසු සිදු කළ අනීතික අත්අඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යෑම් සම්බන්ධයෙන් හෙට (19) ආරම්භ කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 53 වැනි සැසිවාරයේදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිත ය.

රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කරන්නේ වාචික ව මේ පිළිබඳ සංවාදයක් සැසිවාරයේදී පැවැත්වෙනු ඇති බවයි. එම සංවාදයේ ආරම්භය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් වෝකර් ටුර්ක් (Volker Turk) විසින් ගැනීමට නියමිත ය. කොමිසමේ 8 වැනි මහ කොමසාරිස්වරයා ලෙස ඔහු පත්වූයේ පසුගිය ඔක්තෝබර් 17දා ය.

මහ කොමසාරිස්වරයාගේ මෙම වාචික අදහස් දැක්වීමට ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ ප්‍රමාණය සහ ඊට අදාළ කරුණු ඇතුළත් වනු ඇතැයි ද අදාළ ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි කොමිසමේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම සැසිවාරය අවසන් වන්නේ ජූලි 14දා ය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...