‘අපි අපේ කොම්රේඩ් අත්හරින්නෙ නැහැ’ : කොලොම්බියාවේ බලාපොරොත්තුවේ මෙහෙයුම දිගටම !

Share post:

කොලොම්බියාවේ පසුගිය මැයි 01 වැනිදා සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් දිවි ගලවාගත් දරුවන් සිව්දෙනා බේරාගැනීමට සහාය වුණු එරට කොමාන්ඩෝ බලකායේ විල්සන් නමැති සුනඛයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දරුවන් සෙවීමේ මුල් මෙහෙයුම ඔවුන් නම් කර තිබුණේ බලාපොරොත්තුවේ මෙහෙයුම (Operation Hope) නමිනි.
දරුවන් සොයාගත්තද, මෙහෙයුමේ නාමය ‘Operation Hope’ අවසන් වන්නේ විල්සන් සොයාගත් පසුවයි. එම නිසා මෙහෙයුම තවමත් අවසන් නැතැයි එම මෙහෙයුමේ ප්‍රධානීන් මාධ්‍ය වෙත පවසා ඇත.
බෙල්ජියම් ෂෙපර්ඩ් වර්ගයට අයත් අවුරුදු 6ක් වයසැති විල්සන්, කොලොම්බියා හමුදාවේ විවිධ මෙහෙයුම් සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූවෙකි.
කොලොම්බියා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ‘සෙවීම තවමත් අවසන් නැහැ, අපි අපේ කොම්රේඩ් අත්හරින්නෙ නැහැ’ යනුවෙනි.
‘විල්සන්’ ආරක්ෂිතව නැවත රැගෙන ඒම අපේ අරමුණයි.
විල්සන් බාර ව කටයුතු කළ ක්‍රිස්ටියන් ඩේවිඩ් ලාරා තවමත් ඇමසන් වනාන්තරයේ ඔහු සොයමින් සිටී.
එමෙන්ම මේ වන විට කොලොම්බියානු කමාන්ඩෝ භටයන් දුසිම් ගණනක් විල්සන් සොයමින් වනාන්තරයේ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර, අනතුරින් දිවි ගලවා ගත් ලෙස්ලි (13), සොලෙයිනි (9), ටියන් නොරියෙල් (05) සහ අවුරුද්දක් වයසැති ක්‍රිස්ටින් බොගෝටා හි රෝහලේ සුවය ලබමින් සිටිති.
කිසිවකු හෝ ජීවත්ව ඇතැයි විල්සන්ට දැනෙන්නට ඇතැයි ද එම නිසා විල්සන් දිගින්-දිගටම කැලෑව පීරමින් ඉදිරියට ගමන් කළ බව මෙහෙයුමට සම්බන්ධවූවෝ පවසති.
කොලොම්බියානු හමුදා භටයන් විසින් මෙම දරුවන් සොයාගන්නා ලද්දේ පසුගිය සිකුරාදා ය.
දරුවන් බේරාගැනීමට දිනකට හෝ දෙකකට පෙර විල්සන් අවසන්වරට හමු වූ නමුත් ඔහුව නැවත කණ්ඩායමට ගෙන්වා ගැනීමට මෙහෙයුම්කරුවන් දැරූ උත්සාහය අසාර්ථක විය.
දරුවන් ගැන සොයාබලන කොලොම්බියානු පවුල් සුබසාධක ආයතනයේ අධ්‍යක්ෂ ඇස්ට්‍රිඩ් කැසර්ස් පැවසුවේ දරුවන් සමග මිතුරු වූ සුනඛයෙකු පිළිබඳ ඔවුන් දිගින්-දිගටම ප්‍රශ්න කරමින් සිටින බවයි.
13 වැනි වියෙහි පසුවන ලෙස්ලි පවසා තිබුණේ ‘අපිත් එක්ක ඩොගියෙක් හිටියා, ඒත් එයා කොහේ ගියේදැයි අපි දන්නේ නැහැ’ යනුවෙනි.
රෝහලේදී අඳින ලද ලෙස්ලිගේ සිතුවමක විල්සන් ඇති අතර ‘සුනඛයාගේ නම අසා එය සිතුවමේ සඳහන් කළා’ යනුවෙන් රෝහල් බලධාරීන් පවසා ඇත.
කොලොම්බියානු ජනතාව Missing Wilson නමින් පත්‍රිකා “ඔවුන්ගේ ජනේලවල ප්‍රදර්ශනය කර ඇති අතර, #Let’sGoForWilson සහ #WilsonNationalHero #tag යටතේ විල්සන් වෙනුවෙන් විවිධ සටහන් සමාජ මාධ්‍යවල පළකරති.

ලෙස්ලිගේ ඡායාරූපය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...