ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට

Share post:

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් විය.

එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 83-17කින් චීන තායිපේ කණ්ඩායම පරාජයට පත් කළ අතර තරගයේ පළමු වටය අවසන් වන විට ලකුණු 23-02ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගයේ දෙවැනි වටයේදී සහ තෙවැනි වටයේදී පිළිවෙළින් ලකුණු 25-04ක් සහ ලකුණු 18-02ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරමුණ ගත්තාය.

තරගයේ අවසන් වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 17-09ක් ලෙස පෙරමුණ ගනිමින් ජය තහවුරු කර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් පූර්ව තරගය හෙට (16) මැලේසියා යොවුන් ක්‍රීඩිකාවන් සමග පැවැත්වෙනු ඇත.

එමෙන්ම අනෙක් අවසන් පූර්ව තරගය සිංගප්පූරුව සහ හෙංකොං පිල අතර පැවැත්වේ.

මෙම තරග ද්විත්වයෙන් ජය ගන්නා දැල්පන්දු කණ්ඩායම් ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබනු ඇත. එම අවසන් මහා තරගය 17 වැනිදා පැවැත්වීමට නියමිත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...