ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලිය : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට

Share post:

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් විය.

එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 83-17කින් චීන තායිපේ කණ්ඩායම පරාජයට පත් කළ අතර තරගයේ පළමු වටය අවසන් වන විට ලකුණු 23-02ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගයේ දෙවැනි වටයේදී සහ තෙවැනි වටයේදී පිළිවෙළින් ලකුණු 25-04ක් සහ ලකුණු 18-02ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරමුණ ගත්තාය.

තරගයේ අවසන් වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 17-09ක් ලෙස පෙරමුණ ගනිමින් ජය තහවුරු කර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් පූර්ව තරගය හෙට (16) මැලේසියා යොවුන් ක්‍රීඩිකාවන් සමග පැවැත්වෙනු ඇත.

එමෙන්ම අනෙක් අවසන් පූර්ව තරගය සිංගප්පූරුව සහ හෙංකොං පිල අතර පැවැත්වේ.

මෙම තරග ද්විත්වයෙන් ජය ගන්නා දැල්පන්දු කණ්ඩායම් ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබනු ඇත. එම අවසන් මහා තරගය 17 වැනිදා පැවැත්වීමට නියමිත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...